අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු කුසලානයේ සත්කාරකත්වයේ කොටසක් ශ්‍රී ලංකාවටත්  

    ජූනි 16, 2023

    2023 වසරේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවද නිල වශයෙන් නම් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

    මෙවර තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට අමතරව පාකිස්තානයද මෙහි තරග කීපයක සත්කාරකත්වය දක්වනු ලබන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    සමස්ථ තරග 13 කින් සමන්විත මෙවර තරගාවලියේ පළමු තරග 4 පාකිස්තානයේදී පැවැත්වෙන අතර අනෙක් තරග 09 ම ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ඔවුහු වැඩිදුරටත් දැනුම් දී සිටිති.

    මූලික සැලසුමට අනුව මෙම තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, ඉන්දියානු කණ්ඩායම පාකිස්තානයට ගොස් තරග කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව ගැටළු පැන නැගිණ. එහෙත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද දෙමුහුන් ආකෘතය සඳහා සෙසු රටවල් එකඟත්වය පළ කිරීම නිසා මෙසේ රටවල් දෙකක මෙවර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙනු ඇත.

    ශ්‍රී ලංකාවට අමතරව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලනය සහ ඇෆ්ගනිස්තානය මෙවර ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටිති. කාණ්ඩ ‌2 ක් යටතේ පැවැත්වෙන මූලික වටයේ තරගාවලියේදී පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය සඳහා ක්‍රීඩා කිරීමට සුදසූකම් ලබනු ඇත.

    එම තරගවටයේදී සෑඹ කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් සමග තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩයේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති බව තරග කාල සටහන අනුව සටහන් වේ.

    අවසන් වතාවට පැවැති ආසියානු කුසලාන ක්‍රීකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් හොබවනු ලැබුවද ඒ වන විට රට තුළ ඇතිව තිබු අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පියවර ගැනිණ. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව ආසියානු ශූරයින් ලෙසින් කිරුළු පැළඳීම විශේෂත්වයක් ලෙසින් සඳහන් කළ හැක.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya