අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ලංකා ප්‍රිමියර් ලීග්’ අභිනව ‘වෙන්දේසියේ’ වැඩිම මිල ඩිල්ෂාන් මධුශංකට

    ජූනි 15, 2023

    ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට එක්ව ඇති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අති සාර්ථකව ඊයේ (14 වැනිදා) රාත්‍රියේදී නිමාවට පත්විය.

    එම වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක සමත් විය.

    ඇමරිකන් ඩොලර් 20,000 ක ලංසුව යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු මධුශංකගේ සේවය තම කණ්ඩායමට ලබා ගැනීම සදහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඇමරිකානු ඩොලර් 92,000 ක මුදලක් වැය කළේය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදලකි.

    කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවැති මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 156 ක් සහ දේශීය ක්‍රීඩකයින් 204 ක් වශයෙන් ක්‍රීඩකයින් 360 දෙනෙක් ඉදිරිපත් කළ නමුත් ඉන් 115 ක් පමණක් ඒ ඒ කණ්ඩායම්වලින් තෝරා ගනු ලැබූහ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභිමානවත්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙවර පැවැත්වෙනු ලබන්නේ සිව්වැනි වතාවට වේ. කොවිඩ් වසංගතය උත්සන්නව තිබූ 2020 වසරේදී පළමු වරට ආරම්භ කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වසරින් වසර දියුණුවට පත් වෙමින් පැවැති අතර එහිදී ක්‍රීඩක වෙන්දේසියක් හරහා ක්‍රීඩකයින් තෝරා ගන්නා ලද්දේ පළමු වතාවට වීම මෙවර තරගාවලිය කැපී පෙනෙයි.

    කණ්ඩායම් වල හිමිකරුවන් සහ ඒ ඒ කණ්ඩායම් වල පුහුණුකරුවන් විසින් මෙම වෙන්දේසියේදී තම කණ්ඩායමට අවශ්‍ය සංයුතිය තැරැව් කරමින් හිමිකර ගත් අතර ඒ අතර දෙවැනියට වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට චරිත් අසලංක පත්විය. ඇමරිකානු ඩොල්ර් 40,000 මූලික ලන්සුව යටතේ චරිත් අසලංක මෙවර ඉදිරිපත් වූ අතර එහිදී තියුණු තරගයකින් පසු ඔහුව ඇමරිකානු ඩොලර් 80,000 ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබිය.

    ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කොන්දේසිවලට අනුව වෙන්දේසියට පෙරාතුව දේශීය ක්‍රීඩකයින් දෙදෙනකු සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනා බැගින් කණ්ඩායම් වලට එක් කර ගැනීමට කණ්ඩායමට අවස්ථාව ලබා දී තිබුණු බැවින් කීප දෙනෙකුම ඒ ඒ කණ්ඩායම් සමඟ ගිවිසුම් ගතවූහ. ඒ අතර විදේශීය ක්‍රීඩකයින් වන බාබර් අසාම් සහ නසීම් ෂා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටත්, මැතිව් වේඩ් සහ ලුංගි න්ගිඩි දඹුල්ල අවුරා කණ්ඩායමටත්, ශකීබ් අල් හසන් සහ ටබ්‍රේස් ශම්සි ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමටත්, ඩේවිඩ් මිලර් සහ රාමනුල්ලා ගුර්බාස් ජැෆ්නා කිංග් කණ්ඩායමටත් සහ මුජිබර් රහමන් සහ ෆකර් සමාන් බිලව් කැන්ඩි කණ්ඩායමත් විසින් එක්ව සිටිති.

    කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු දඹුල්ල අවුරා කණ්ඩායම සමඟත්, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටත් දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමටත්, මහීෂ් තීක්ෂණ සහ තිසර පෙරේරා ජැ‌ෆ්නා කිංග්ස් කණ්ඩායමටත් සහ වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් බිලව් කැන්ඩි කණ්ඩායමටත් දේශීය ක්‍රීඩකයින් ලෙසින් ඒව සිටියහ.

    තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන සමන්ත දොඩන්වෙල මහතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව ක්‍රීඩක වෙන්දේසිය ප්‍රකට ක්‍රිකට් විචාරකයකු වෙන ඉන්දීය ජාතික චාරු ශර්මා විසින් එම ලංසු තැබීම මෙහෙයවනු ලැබිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගරු සභාපති ශම්මි සිල්වා මහතා විසින් පළමු ක්‍රීඩකයා ලෙසින් ක්‍රිස් ලින්ගේ නම තෝරාදිමත් සමග ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ ක්‍රීඩකයින් ලංසු තැබීම නිල වශයෙන් ආරම්භ විය.

    අභිනව වෙන්දේසියේදී පළමුවෙන්ම තෝරා ගන්නා ලද ක්‍රීඩකයා බවට පත්වූයේ ධනංජය ද සිල්වාය. ඇමරිකානු ඩොලර් 40,000 මූලික ලංසුව යටතේ ඉදිරිපත් රන ලද ධනංජය ද සිල්වාව දඹුල්ල අවුරා කණ්ඩායම විසින් අත්පත් කර ගන්නා ලද්දේ ඇමරිකානු ඩොලර් 76,000 ක මුදලකටය.

    ඒ හැරුණු විට ඩොලර් දිනේෂ් චන්දිමාල් (72,000), දුෂ්මන්ත චමීර (70,000), බිනුර ප්‍රනාන්දු (76,000), සදීර සමරවික්‍රම (68,000) සහ කමිඳු මෙන්ඩිස් (60,000 ) ඉහළ මිළ ගණන් සහිතව අළෙවි වූ ක්‍රීඩකයෝ බවට පත්වූහ.

    මේ අතර විදේශයන්ගෙන් ඉදිරිපත් වුණු ක්‍රීඩකයින් අතරින් නවසීලන්තයේ චැඩ් බෝව්ස් වැඩිම මිලකට අලෙවි වුණු ක්‍රීඩකයා බවට පත්වූවේය. ඔහු ඇමරිකානු ඩොලර් 58,000 ක මුදලකට ගෝල් ටයිටෑන්ස් පිල විසින් මිලදී ගනු ලැබීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සභාපති ශම්මි සිල්වා මහතා, තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතාට අමතරව, උප සභාපතිවරුන් වන ආචාර්යය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්, උප ලේකම් මොහාන් ද සිල්වා මහතා, උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා ඇතුළු විධායක සභාවේ නියෝජිත මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අංශ ප්‍රධානීන්ද සහභාගිව සිටියහ.

    ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරගාවලිය ලබන ජූලි මස 30 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ තරගය අගෝස්තු 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

    - Sri Lanka Cricket -

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya