අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩකයින්ගේ හෝටල් පහසුකම් පමාවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිළි කිරීමක්

    ජූනි 13, 2023

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් නවාතැන් ගැනීම සඳහා නියමිතව සිටි හෝටලයට අතුලු කිරීමේ (Check-In) ක්‍රියාවලියේදී සිදුවූ ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.

    එම පැහැදිළි කිරීමට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (11 වැනිදා) දහවල් කාලයේ බුලවායෝහි නවතැන් ගනු ලබන හෝටල් පරිශ්‍රය වෙත පැමිණෙන අවස්ථාව වන විටත් තවත් ජාතික කණ්ඩායමක ක්‍රීඩකයින් හෝටලයට ඇතුළු වීමේ ක්‍රියාවලියේ නිරත වී තිබෙන බව මේ පිළිබඳව සිදුකරන ලද කරුණු විමර්ෂණයේදී අනාවරණය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියි.

    මෙම තත්ත්වය මත කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප දෙනෙකුට කාමර පහසුකම් ලබා දීම ප්‍රමාද වී තිබෙන අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හෝටල් කලමනාකාරීත්වයට දැනුම් දීමෙන් පසු ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී එම ගැටලුව නිවැරදි කිරීමට එම කලමනාකාරීත්වය පියවර ගෙන තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දැනුම් දී සිටියි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya