අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පින්ක් වොලිබෝල් වැඩ සටහනේ නියමු වැඩසටහන සබරගමුව පළාතේ දී

    ජූනි 12, 2023

    දිවයින පුරා පැවැත්වීමට නියමිත පින්ක් වොලිබෝල් වැඩ සටහනේ නියමු වැඩසටහන සබරගමුව පළාතේ දී 2023.06.17 වන දින පෙරවරු 8.00 සිට දවස පුරා රත්නපුර සීවලි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල පාසල් 50ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයසීයක් මේ සඳහා සහභාගි වේ.

    පාසල් ක්‍රීඩා ක්‍රීඩා පුහුණුකරුවන් සිය දෙනකු සහ ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණු කරුවන්ගේ සංගමයේ පුහුණුකරුවන් හතළිස් දෙනෙකු මේ සඳහා සහභාගි වේ. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මගින් එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ දේශන මාලාවක් ද සංවිධානය කර ඇත.

    ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම අරමුණෙන් ලෝකයේ විවිධ රටවල විවිධ ක්‍රීඩා මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකාව තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වොලිබෝල් ක්‍රීඩාව තෝරාගෙන ඇත. දිවයින පුරා පැතිරී ඇති ක්‍රීඩාවක් මෙන්ම විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා ලෝලීන් පිරිසක් වොලිබෝල් ක්‍රීඩාව හා එක්ව සිටීම එයට ප්‍රධාන හේතුවක් වේ.

    මෙම වැඩසටහන මගින් දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, ගම්මාන මට්ටමින් වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙහි ප්‍රධාන අරමුණු කිහිපයකි. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුව, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව, පාසල් වොලිබෝල් සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණු කරුවන්ගේ සංගමය මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබා දේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya