අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රියාවේ ලොරියක සංක්‍රමණිකයන් පිරිසකගේ මළ සිරුරු 70කට අධික සංඛ්‍යාවක්

    අගෝස්තු 28, 2015

    හංගේරියානු දේශ සීමාව අසල තිබී සොයා ගත් ලොරි රථයේ තිබී හමු වූ සංක්‍රමණිකයන් පිරිසකගේ මළ සිරුර සංඛ්‍යාව 70කට අධික බව ඔස්ට්‍රියානු නිලධාරීන් ප්‍රකාශ කරයි. ඔවුන් පළමුව ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව 20 සිට 50 අතර ප්‍රමාණයක් විය හැකි බවයි. මෙම මළ සිරුරු ඊයේ (27) පෙරවරුවේ පොලිසිය විසින් සොයා ගෙන ඇත.

    ලොරියේ ශීතකරණ කොටසේ මළ සිරුරු තිබුණ බව පොලිසිය ප්‍රකාශ කර ඇත. දින දෙක හමාරක් තිස්සේ මෙම මළ සිරුරු නරක් වෙමින් පවතින අතර ඒවා හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ ඇති බවත් එම නිසා සිරුරු ප්‍රමාණය නිශ්චිතව කිව නොහැකි බවත් බලධාරීහු පවසති.

     

    මෙම රථය හංගේරියාවේ සිට ඔස්ට්‍රියාවට ගමන් කරමින් සිටින්නට ඇතැයි පොලිසිය පවසයි. මෙම ලොරියේ අංක තහඩුව හංගේරියාවට අයිති එකක් වන අතර පලා ගොස් ඇති රියදුරා සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ වී තිබේ.

     

    අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල ඇති යුද වාතාවරණය නිසා යුරෝපයට පලා යන සරණාගතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබේ.

     

    පසුගිය මාසය තුළ පමණක් යුරෝපයට පැමිණි සරණාගතයන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට අධික බව වැඩිදුරටත් වාර්තා වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya