අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායම වෙළෙඳ සේවා ක්‍රිකට් තරඟාවලියේ දී දස්කම් පෙන්වයි

    අගෝස්තු 29, 2015
     
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ක්‍රිකට් කණ්ඩායම වාර්ෂිකව පවත්වන වෙළෙඳ සේවා ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟය දක්වා විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් පසුගියදා  ගුවන් සමාගමට විශාල කීර්තියක් අත්පත් කර දෙන ලදී. එහිදී අර්ධ අවසන්පූර්ව තරඟයට පිවිසීම සඳහා  බූතානී කැපිටල් කණ්ඩායම ලකුණු 37 කින් පරාජයට පත්කල ශ්‍රීලංකන් ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින්  ලකුණු 226 ක අභියෝගයක් ඔවුන් හමුවේ තැබීය. 
    මෙම තරඟාවලියේ පළමු තරඟයේදී  ශ්‍රීලංකන් ක්‍රිකට් කණ්ඩායම Avian Technologies  කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් ජයග්‍රහණය ලබා ගත්තේය.
     
    මෙම තරඟාවලියේ දෙවන තරඟය ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගමට හමූවූයේ Baur and Company වූ අතර එම තරඟය කටුනායක BOI ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.  එම තරඟයේදී ද සුවිශේෂී දක්ෂතා පෙන්වමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ක්‍රිකට් ක්‍රීඩකයින් සමත්විය. 
     
    එන් එම් ඩිස්ට්‍රිබියුෂන් සමාගමේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරඟය  කඩුලු හයකින් ජය ගැනීමට ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ශ්‍රීලංකන් ගුවන් සමාගම මුහුණ දුන් හතරවන තරඟයෙන්ද කඩුලු 7 ක ජයක් ලබාගැනීමට සමත්වූ අතර එහිදී ශ්‍රීලංකන් හමුවේ පරාජය වැළඳ ගත්තේ මෙට්‍රොපොලීටන් (Metropolitan) කණ්ඩායම වූ අතර මෙම තරඟය කොළඹ වෙස්ලි  විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. 
     
    ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී පස්වන තරඟය පැවැත්වූයේ ශාන්ත බෙනඩික් ක්‍රීඩාංගනයේ වූ අතර එහිදී දක්ෂතා අලුත් කරමින් ගුවන් සමාගමට පහසු ජයක් අත්කරදීමට ක්‍රීඩකයින් සමත්වූහ. එම තරඟයේදී ප්‍රතිවාදී කණ්ඩායම බවට පත්වූයේ කොකා කෝලා කණ්ඩායම වූ අතර ඔවුන්ගේ පන්දු යවන්නන්ට පිටිය පුරා පහරවල් එල්ල කරමින් ලකුණු 281 දැවැන්ත අභියෝගයක් කොකා කෝලා කණ්ඩායම ඉදිරියේ තබන ලදී. . ශ්‍රී ලංකන් පන්දු යවන්නන් හමුවේ ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 129 සීමාව පසු කිරීමට නොහැකි විය. 
     
    මෙම තරඟාවලියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුහුණු දුන් හත්වන සහ අටවන තරඟද ඉතා පහුසවෙන් ජය ගැනීමට සමත්වූ අතර එහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම හමුවේ ලකුණු 62 සහ 78 කින් පරාජයට පත්වූයේ පර්සන් ලංකා සහ ඩච් බෑන්ක් කණ්ඩායමයි.  
     
    ශ්‍රී ලංකන් ගුවන් සමාගම අර්ධ අවසන් පූර්ව තරඟයේදී ජයග්‍රහණය මඟහැරුනේ බ්‍රැන්ඩික්ස්  ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ කඩුලු හතකින් පරාජයට පත්වීමෙනි.
     AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya