මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ලෝක කුසලාන මීටර් 200 කෙටි දුර ධාවන ශූරයා උසේන් බෝල්ට්

    අගෝස්තු 28, 2015

    චීනයේ බේජිං නගරයේ කුරුළු කැදැල්ල ක්‍රීඩාංගණයේ (Bird’s Nest stadium) පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ (27) පැවති මීටර් 200 කෙටි දුර ධාවන තරගය ජය ගැනීමට  ජැමෙයිකානු ධාවන ශූරයා වන උසේන් බෝල්ට් සමත් විය.

    සමස්ත ලෝකය බලා සිටියදී උසේන් බෝල්ට් ධාවන පථය නිම කළේ තත්පර 19.55 කදී. දෙවන ස්ථානය රැක ගත් ඇමරිකානු ධාවන ශූර ජස්ටින් ගැට්ලින්ට ධාවන තරගය නිම කිරීමට තත්පර 19.74 ක් ගත විය.

     

    පසුගියදා පැවැත්වුන මීටර් 100 ධාවන තරගය ජය ගැනීමට ද ජැමෙයිකානු ධාවන ශූරයා සමත් විය.

     

    මේ අනුව ලෝක කුසලාන තරඟ මාලාවන්හිදී උසේන් බෝල්ට් මීටර් 100 සහ මීටර් 200 ජය ගත් හතර වැනි අවස්ථාව මෙයයි. ඔලිම්පික් තරග ද ඇතුළුව මීටර් 100 සහ 200 සඳහා මේ වන විට ඔහු රන් පදක්කම් දහයක් දිනා ඇත.

     

    ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන මීළඟ ඔලිම්පික් තරගාවලිය උසේන් බෝල්ට් සඳහා අභියෝගයක් නොවන බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

     

    කෙසේ වෙතත් තරගය ජයග්‍රහණයෙන් අනතුරුව විසින් සිය ජයග්‍රහණය සමරමින් ධාවන පථයේ දුවමින් ක්‍රීඩා ලෝලීන්ට අචාර කරමින් ගිය උසේන් බෝල්ට් කැමරාවක ගැටී බිම ඇද වැටීමත් ලෝකය පුරා ප්‍රචාරය කෙරුණි.

     

    SDF

     

    usain

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya