අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවාවේ විකාශය දැක්වෙන ප්‍රදර්ශනයක් මහනුවර දී

    නොවැම්බර් 13, 2014

    සෞඛ්‍ය සේවා‍වේ විකාශය සම්න්ධයෙන් ඓතිහාසික තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනයක් අද (13) හා හෙට (14) මහනුවර බෞද්ධ මන්දිරයේ දී  පැවැත්වේ.


    මධ්‍යම පළා‍තේ සෞඛ්‍ය සංරක්ෂණාගාරයක් හා අධිලේඛනාගරයක් ස්ථාපිත කිරීමට සමගාමීව මෙම ඓතිහාසික තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනය සංවිධානය කොට තිබේ. මෙම ප්‍රදර්ශනයේදී සෞඛ්‍ය සේවාවේ විකාශය දැක්වෙන තොරතුරු හා ඒ ඒ යුගවලදී යොදාගන්නා ලද වෛද්‍ය උපකරණ ආදිය ප්‍රදර්ශනයට එක්කොට තිබේ.

    මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණ මෙම ප්‍රදර්ශනය  මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුම මහතා විසින් අද දින විවෘත කරන ලදී.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ. කැකුලන්දර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya