අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්තමානයේ දී එක්සත් ජාතික පක්ෂය දියාරු වෙමින් පවතින පක්ෂයක්

    නොවැම්බර් 13, 2014

    රට අරාජික වූ සමයක ඉන් රට මුදවාගෙන රට ආරක්ෂා කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.


    එතුමා මේ බව සඳහන් කළේ පසුගියදා වැලිගම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    තවත් වසර දෙකක ධූර කාලය ඉතුරු ව තිබිය දී අතිගරු ජනාධිපතිතුමා නැවතත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ ජනතා විශ්වාසය සමඟ රටේ ගමන්මග ශක්තිමත් කරගැනීමටයි. රටේ වේගවත් සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනතා විශ්වාසය උරගා බැලීම වැදගත්ය. රටේ සංවර්ධන ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵල අත්විඳින ජනතාව නැවත වරක් ජනාධිපතිතුමාව බලයට පත් කරනු නිසැකය.

    රටේ ගමන කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සහ දරයි. මේ අවස්ථාවේ දී දේශීය කුමන්ත‍්‍රණවලට වඩා ප‍්‍රවේශම් විය යුත්තේ අන්තර්ජාතික කුමන්ත‍්‍රණවලිනි. විවිධ චෝදනා එල්ල කරමින් ශ‍්‍රී ලංකාවට සහ අතිගරු ජනාධිපතිතුමාට ජාත්‍යන්තර විරෝධය ඇති වන ආකාරයේ කඩාකප්පල්කාරී කුමන්ත‍්‍රණ පරාජය කිරීමට නම් රට තුළ ජනතා විශ්වාසය තහවුරු විය යුතුය. මෙම තීරණාත්මක අවස්ථාවේ සියලු දෙනා සහයෝගයෙන් එක් ව කටයුතු කළ යුතුය. එවිට කිසිවකුට අපේ රටේ ස්වෛරීභාවයට හානියක් සිදු කිරීමට අවස්ථාව උදා නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

    ප‍්‍රබල දේශපාලන පක්ෂයක් ලෙස පැවති එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ දී දියාරු වෙමින් පවතින පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත. අඩු ම තරමින් ප‍්‍රබල විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු මට්ටමේ නියෝජනයක් සිදු කිරීමටවත් එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නොමැත. ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමා සමඟ කරට කර සටනක් දීමට කිසිදු අපේක්ෂයෙකුට හැකියාවක් නැහැ. සැවොම බලා සිටින්නේ පොදු අපේක්ෂකයා කරළියට එනතුරුයි. ජනතා පැතුම් ඉටුකරන පොදු අපේක්ෂකයෙකු වේ නම් ඒ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණි. ඉදිරි ජනාධිපතිතුමාගේ විශිෂ්ට ජයග‍්‍රහණය වලකාලීමට කිසිවකුට හැකියාවක් නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන  මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya