අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමේ සංවර්ධනයට ති‍්‍රවිධ හමුදාවේ දායකත්වය

    නොවැම්බර් 12, 2014
    ගමේ සංවර්ධනයට ති‍්‍රවිධ හමුදාවේ දායකත්වය ලැබී ඇත්තේ ගමෙන් අධ්‍යාපනය හැදැරූ පිරිසක් ආරක්‍ෂක අංශයේ ඉහළ තනතුරුවල රැඳී සිටීම නිසා බව පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.
     
    නගර සංවර්ධනය මෙන් ම ගම සංවර්ධනය කිරීම සඳහා අද පෙරමුණ ගෙන කටයුතු කරන්නේ ති‍්‍රවිධ හමුදාවයි. ගමේ මාර්ග, පාසල්, පූජනීය ස්ථාන ඉදිකෙරෙන්නේ ති‍්‍රවිධ හමුදාවේ සිටින රණ විරුවන්ගේ කැපවීමෙනි. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ සඳහා ලබාදෙන නායකත්වය අප අගය කළ යුතුයි.
     
    හඟුරන්කෙත, පොරමඬුල්ල ජාතික පාසලේ පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ඉල්ලීම පරිදි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා 
    විසින් මේ සඳහා රුපියල් ලක්‍ෂ 500ක මුදලක් ලබාදී ඇති අතර ඉදිකිරීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.
     
    ජනප‍්‍රිය පාසල් ඔස්සේ හඹායන සංකල්පය නිමා කොට රටේ සියලු ම පාසල් එක සේ සංවර්ධනය කෙරෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ය. ද්විතීයක පාසල් බිහි කරමින් අංග සම්පුර්ණ මහින්දෝදය විද්‍යාගාර හා මහින්දෝදය විද්‍යාපීඨ රට පුරා ඉදිකෙරෙන්නේ දැයේ දූ දරුවන් වෙනුවෙනි. ඒ තුළින් ගම්බද දරුවන්ට විශ්ව ගම්මානයට ඇතුළුවීමේ වරම අද උදාකර දී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    දරුවන් මෙලොවට බිහි කළ දා සිට දෙමාපියන්ගේ සිහිනය දරුවා සමාජයේ ඉහළ තැනකට රැගෙන යාමයි. ඒ වටිනාකම දරුවාට ලබාදීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමත්වී ඇත. එය මහින්ද රාජපක්‍ෂ නම් වු රාජ්‍ය නායකයාගේ නායකත්වයේ සුවිශේෂී ලක්‍ෂණය වෙයි. මේ රටට, මේ දැයට අමිල සේවාවක් ඉටු කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. ගම හදා රට හදන වැඩපිළිවෙළ තුළින් රට සංවර්ධිත යුගයක් කරා ගමන් කරමින් සිටියි. රට එක්සේසත් කරමින් අභිමානවත් ව ඉදිරියට රැගෙන යන එක ම රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. මේ සුවිශේෂී චරිතය ශී‍්‍ර ලංකාවාසි සිසු දරුදැරියන්ට ඉමහත් ආදර්ශයක් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    පාසලේ ආදි ශිෂ්‍ය, අමාත්‍ය එස්.බී. දිසානායක, එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගුවන් හමුදාවේ කෆීර් ප‍්‍රහාරක බලගනයේ නායක නියමු ඩී.එම්.එස්. විජේරත්න, විදුහලේ විදුහල්පති එච්.එම්.එස්.බී. දිසානායක, දෙමව්පියන්, ආදි ශිෂ්‍යයින්, සිසු දරුදැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya