අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ඉල්ලන විපක්ෂය මැතිවරණයක් දෙන විට බයේ කෑගහනවා

    නොවැම්බර් 12, 2014
    ජාතික මැතිවරණයකට ජනතාව තමන්ගේ පාක්ෂිකයන් පෙළගස්වන්න කතා කරපු එක්සත් ජාතික පක්ෂය අද මැතිවරණයට දින යොදාගන්න නියමිත මොහොතේ බයෙන් රත්වෙලා කෑගහන්න පටන් අරගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිඩ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
     
    අමාත්‍යයවරයා මෙම අදහස් පළ කළේ ඉදිරි මැතිවරණ ඉලක්ක කොට ගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාල විවෘත කිරීමේ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික් මැතිවණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ දී ය.
     
    "රට පුරා අපි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල පිහිටුවමින් ඉදිරි මැතිවරණයට හොඳ පූර්ව සූදානමකින් ඉන්නවා. මාතර කියන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ දී ඉඳලා ප්‍රගතිශීලී අදහස්වලින් පෝෂණය වුණු දිස්ත්‍රික්කයක්. ඒ උරුමය අදටත් මාතර ජනතාවගේ හිත්වල කා වැදිලා තියෙනවා. මේ නිසා ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාතර 
     
    දිස්ත්‍රික්කය තුළ වගේ ම මිනිස් හදවතේ තදින් කා වැදී තියෙනවා. ඒ නිසා පසුගිය හැම මැතිවරණයක දී ම අපේ පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් මාතර ජනතාව ලබලා දුන්නේ. දැන් අපි පක්ෂයක් විදියට ජාතික මැතිවරණයකට සූදානම්. හැබැයි අපේ විපක්ෂයට අපිට තරගයක් දීමට කලින් සපුරා ගන්න ඕනේ විශාල අභියෝගයක් තියෙනවා. ඒ එකමුතු කමක් නැති තමන්ගේ ම  පක්ෂය සමඟි කර ගන්න එක. තව ම තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කියා ගන්න තරම් මේ මහ පක්ෂයට අද ආත්ම ශක්තියක් නැති වෙලා තියෙනවා . රනිල් අපේක්ෂකයා වෙනවට පක්ෂයේ සමහරු විරුද්ධයි. කරු එනවට සජිත් විරුද්ධයි. මෙම අභ්‍යන්තර අර්බූද නිසා ම හිටපු ජනාධිපතිතුමියගේ පිහිට පතන්න එක්සත් ජාතික පක්ෂයට අද සිදුවෙලා" යැයි ද පැවසීය.
     
    2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනාධිපති වුණේ වැඩි ඡන්ද ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයකින්. එය 2010දී ලක්ෂ 18 දක්වා වැඩිකර ගත්තා. මේවා ලෝක ඉතිහාසයේ කොහේදිවත් වෙලා තියෙන දේවල් නෙවෙයි. දෙවනවර බලයට එනකොට කිසිදු රටක පාලකයෙක් මේ වගේ වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන නෑ. ඒ වගේ ම 3 වන වර එතුමා ජනාධිපති වන්නේ ඊට වඩා ඉහළ ජයග්‍රහණයකින්" යැයි ද සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සනත් ජයසූරිය, විජය දහනායක මහත්වරු ඇතුළු ව පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya