මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ අවතැන් වී තාවකාලික කඳවුරුවල සිටින පවුල් නිරීක්ෂණය කෙරේ

    නොවැම්බර් 12, 2014

    පස් කඳු නාය යෑමේ අවදානම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි තාවකාලික කඳවුරුවල සිටින ජනතාවගේ පහසුකම් නිරීක්ෂණය කිරීම පෙරේදා (10) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීහු පිරිසක් මීට සම්බන්ධ වූහ.

    අවතැන් වී තාවකාලිකව කඳවුරුගත වී සිටින පවුල් වෙත රුපියල් 3,000ක් පමණ  වටිනාකමින් යුත් සහනාධාර මල්ලක් මෙහිදී ප්‍රදනය කිරීම සිදු විය. ඒ අනුව එළමුල්ල, කබරගල, දියනිල්ල යන ග්‍රාම නිලධාරි වසම් හි අවතැන් වූ ජනතාව වෙත මෙසේ සහනාධාර ලබා දීම සිදු විය.

    මේ වන විට ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නිර්දේශය මත නායයෑමේ අවදානමට ලක්ව පවතින පවුල් ඒකක දිවි ගෙවන ප්‍රදේශ ද මෙහි දී අතිරේක දිස්ත්‍රික් ලේකම්වරියගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. එම පවුල් ඒකක නැවත පදිංචි කිරීම සඳහා යෝජිත නව භූමි ප්‍රදේශ ද මෙහි දී විශේෂ අවධානයට ලක් වූ අතර මේ අවස්ථාව සඳහා හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි ප්‍රාදේශීය ලේකම්වරු ද සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya