මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ඉඟුරු වගාවෙන් සාර්ථක ප්‍රගතියක්

    නොවැම්බර් 02, 2014
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඟුරු වගාවෙන් සාර්ථක ප්‍රගතියක් ලබා ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සී.එම්.ජේ.කේ. ලින්දර මහතා පැවසීය.
     
    ඒ මහතා මෙම තොරතුරු අනාවරණය කරනු ලැබුවේ පසුගිය දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කෘෂිකර්ම කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
     
    මෙම වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඟුරු හෙක්ටයාර 100ක් වගා කිරීමට ඉලක්ක කර තිබූ අතර මේ වන විට ඉඟුරු හෙක්ටයාර 126ක් වගා කිරීමට හැකි වී ඇති බවත් එහිදී අනාවරණය විය.
     
    තෙත් කලාපයට සීමා වූ භෝගයක් වන ඉඟුරු ඉබ්බාගමුව, පොල්පිතිගම වැනි වියළි කලාපීය ප්‍රදේශවල ද ඉතා සාර්ථකව වගා කළ හැකි බව ද මෙහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
     
    ඉඟුරු කිලෝවක් රුපියල් 600ක් වැනි මුදලකට විකිණිය හැකි බැවින් ගොවීන්ට හොඳ ආදායමක් ලබාගත හැකි බවත් පොල් වගාව අතර ද මෙම වගාව ඉතා සාර්ථක ව කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya