අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාපාරවලට සුදුසු රටවල් අතරට ශ‍්‍රී ලංකාවත්

    ඔක්තෝබර් 31, 2014
    ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ පහසුකම් පවතින රාජ්‍යයන් අතරින් දකුණු ආසියාවේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව ඇත. 
     
    Doing Business - 2015 වාර්තාවට අනුව ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගෙන යාම සුදුසු ම රටවල් අතරට ශ‍්‍රී ලංකාවට මෙම තත්ත්වය හිමි ව ඇත්තේ ලොව රටවල් 189ක් අතරිනි. මේ ශ්‍රේණිගත කිරීම අනුව ප‍්‍රසාද ලකුණු 61.36 හිමිකරගෙන සමස්ත ශ්‍රේණිගත කිරීමේ 99 වන ස්ථානයට පත් ව ඇත.
     
    මෙම වාර්තාවට අනුව ප‍්‍රසාද ලකුණු 88.27ක් ලබාගෙන සිංගප්පූරුව පළමු ස්ථානයට පත් ව ඇත. ලකුණු 81.98ක් ලබා ගෙන සිටින ඇමෙරිකා එක්සත් ජනපදය හිමිකරගෙන ඇත්තේ 7 වන ස්ථානයයි. දකුණු ආසියානු කලාපයේ ප‍්‍රබල රටවල් දෙකක් වන ඉන්දියාව හා පාකිස්ථානය මෙම ශ්‍රේණිගත කිරීම්වල හිමිකරගෙන ඇත්තේ පිළිවෙළින් 128හා 142 ස්ථානයි.
     
    පසුගිය වසරේ මෙම ස්ථානගත කිරීමට අනුව ශ‍්‍රි ලංකාව 105 වැනි ස්ථානයේ පසුවිය. මෙහි විශේෂත්වය වන්නේ සෑම වසරකම පහසුවෙන් ව්‍යාපාර කරගෙනයාම සඳහා සිදු කරන ලද සමීක්ෂණයට අනුව ශ‍්‍රී ලංකාව පුරා වසර 3ක් තිස්සේ තම ස්ථානය පවත්වා ගැනීමට උත්සාහ ගැනීමය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya