අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව තුළ තිබූ නැහැ බැහැ මානසිකත්වය දුරු කර රට පුබුදවා ලීමට ජනාධිපතිතුමා පියවර ගත්තා

    ඔක්තෝබර් 24, 2014

    අප තුළ තිබූ නැහැ, බැහැ මානසිකත්වය දුරු කර කිසිදා ජයගත නොහැකි බව කී ත්‍රස්තවාදය ජයග්‍රහණය කිරීමටත්, රටට සංවර්ධනය උදා කිරීමටත් කටයුතු කරමින් ශ්‍රී ලංකාව පුබුදවා ලීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගත් බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.


    එලෙස පුබුදවා ලූ රටේ අනාගත දරු පරපුර දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනයකින් සන්නද්ධ කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙලෙස රට තුළ උදා කළ දීප්තිමත් යුගය අඳුරු කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ද පැවසීය.

    බස්නාහිර පළාත් පාසල්වල පවතින සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ගණිතය, තොරතුරු තාක්ෂණය, චිත්‍ර හා බටහිර සංගීතය යන විෂයන්ට අදාළ ව බදවා ගත් උපාධිධාරී ගුරුවරුන් 474 දෙනකුට පත්වීම් ප්‍රදානය සඳහා කොළඹ නව නගර ශාලාවේ පෙරේදා (22) දා පැවැති උත්සවයට සහභාගී වී අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා, "දැනුම කේන්ද්‍රීය රටක් බිහිකිරීම මහින්ද චින්තන ඉදිරි දැක්මේ එක් අරමුණක්. ඒ සඳහායි අපි මේ කටයුතු කරමින් සිටින්නේ. අද පත්වීම් ලබන ඔබ ඇතුළු වන්නේ මේ රටේ අනාගතය ගොඩනගන කේෂ්ත්‍රයකට. මේ නිසා ඔබට වගකීමක් තිබෙනවා මේ රටේ ජාතික වගකීම හඳුනාගෙන එය ඉටු කරන්න.

    මම මෙතනට ආවේ ‍මේ එහා පැත්තේ තිබුණු ගාමිණි දිසානායක මැතිතුමාගේ 20 වැනි ගුණ සමරුවට සහභාගි වෙලා. එතුමාගේ ජීවිතය උදුරාගත්තේ මේ රටේ කුරිරු ත්‍රස්තවාදීන්. ඔවුන් අපේ රටේ බොහෝ නායකයන් මෙන් ම අහිංසක ජනතාව බිලි ගත්තා. ජනාධිපතිතුමා 2005 බලයට පත්වන තුරු මේ රට ඒකීය රටක් ලෙස එක් රජයක් යටතට ගේන්න බෑ කියලා බොහෝදෙනා හිතුවා. ත්‍රස්තවාදය රටින් තුරන් කරන්න බෑ කියන මානසිකත්වයක් තමයි තිබුණේ. පරාජිත මානසිකත්වයකින් හිටපු රටකටයි ජනාධිපතිතුමා නායකත්වය දුන්නේ. ඒ කාලේ ගමට ගියාම, ගමට වැඩ කරන්න සල්ලි නෑ කියනවා. බෑ කියනවා. පාසලකට ගුරුවරයෙක් ඉල්ලුවාම සල්ලි නෑ, බෑ කියනවා. ගොඩනැඟිල්ලක් ඉල්ලපුවාමත් එහෙමයි. ජනාධිපතිවරයා මේ දේශය අවදි කරලා නෑ කියපු බෑ කියපු බොහෝ දේවල් වෙනස් කළා. ඒකීය රටක් ලෙස රට එක්සේසත් කරලා රටට සාමය ගෙනාවා. හදන්න බෑ කියපු පාර කාපට් කළා. ගුරුවරු දෙන්න බෑ කියපු ඉස්කෝලවලට ගුරුවරු දුන්නා. මාතෘ සායන හැදුවා. රෝහල් හැදුවා. මහින්දෝදය විද්‍යාගාර හැදුවා. හැම පහසුකමක්ම දුන්නා. ඒ ඔක්කොටම වඩා දිනන්න බෑ කියපු යුද්ධය දිනුවා.


    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලාන, ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පළාත් සභාවේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, නිලධාරීහු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya