මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා පුහුණු වැඩසටහනක් නුවරඑළියේ දී

    ඔක්තෝබර් 24, 2014

    ජාතික මට්ටමින් ක්‍රියාත්මක වූ ආපදා පුහුණු වැඩසටහනක් ඊයේ (23) නුවරඑළියේ දී පැවැත්විණි.


    ඒ අනුව ශාන්තිපුර පිහිටි චේතියගිරි විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු කළ අතර හදිසි පෙර පුහුණු ආපදා වැඩසටහන නාය යෑම්, සුනාමි සහ ගංවතුර යන ආපදාවන් මූලික කොට ගෙන සිදු විය.

    නුවරඑළිය ආශ්‍රිත ව පැවති මෙම වැඩසටහනේදී ඊයේ පස්වරු 2.00 සිට පස්වරු 3.00 දක්වා කාලසීමාව තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ප්‍රදේශවාසීන් ක්‍රියාත්මක විය යුතු ආකාරයත්, විවිධ රාජ්‍ය ආයතන ඒ සඳහා ලබා දෙනු ලබන සක්‍රීය දායකත්වයත් පිළිබඳ ව ප්‍රායෝගික පුහුණුවක නිරත විය.  ප්‍රදේශවාසීන් එක්රැස් විය යුතු ස්ථාන, අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳ ව මෙහි දී විශේෂ දැනුවත් කිරීමක් ද සිදු කෙරිණි.

    මේ අවස්ථාව සඳහා නුවරඑළිය යුද හමුදා කඳවුරේ සෙබළුන්, පොලිස් නිලධාරීන් ඇතුළු ව ප්‍රදේශවාසීහු සහභාගී වී සිටියහ.

    මෙම වැඩසටහන ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරන ලදී.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya