මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සිසු පෝෂ" හඳුන්වා දීමේ සමාරම්භක උත්සවය අද

    සැප්තැම්බර් 03, 2014
    සිසු දරු දැරියන්ගේ පෝෂණය නංවාලමින්, නිරෝගී ක‍්‍රියාශීලී දරු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථයෙන් "සිසු පෝෂ"  හඳුන්වා දීමේ සමාරම්භක උත්සවය අද (03) පෙ.ව. 10.00ට අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්වේ.


    කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලයේ තවත් එක් වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

     

    ඇතැම් පාසල් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බැව් සමීක්ෂණවලින් වාර්තා වී ඇති අතර එයට මූලික ම හේතුව වන්නේ සිසු දරුවන් උදෑසන ආහාරය ලබා ගැනීමෙන් වැළකී සිටීමයි. ධාන්‍ය වර්ග කිහිපයක එකතුව සමඟ පහසුවෙන් රසවිඳිය හැකි සිසු පෝෂ පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීමට විශේෂයෙන් සකස් කරන ලද්දකි. දේශයේ සිසු පරපුර වෙත රස ගුණ පිරි සමබර ආහාර වේලක් ලබාදීම සඳහා ජාතික ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය හඳුන්වා දෙන සිසු පෝෂ ජනප‍්‍රිය ආහාරයක් වනු ඇති බව  කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශ්වාසයයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya