අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී.ල.නි.ප කාන්තා නියෝජිත සම්මේලනය දැරණියගලදී

    සැප්තැම්බර් 02, 2014

    රට රකින නිල්පවුර - සුරකිමු මවුබිම ශ්‍රී.ල.නි.ප. කාන්තා නියෝජිත සම්මේලනය, දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ පසුගියදා මානියම්ගම මහා විද්‍යාල ප්‍රධාන ශාලාවේදී පැවැත්විය. 


    අති විශාල කාන්තා නියෝජනයක් සහිත ව පැවති මෙම අවස්ථාව සංවිධානය කරන ලද්දේ දැරණියගල ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායක පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා විසිනි.

    එම සමුළුවේ මුලසුන හොබවන ලද්දේ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා විසින් වන අතර, නැගෙනහිර පළාත් සභාවේ සභාපති ආරියවති ගලප්පත්ති, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය ඇතුළු ආරාධිතයින් ද සමුළුව අමතන ලදී.

    එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා පවසා සිටියේ ශ්‍රී.ල.නි.ප. ආරම්භයේ සිට ම රටට හිතැති ජනතාවාදී වැඩපිළිවෙළක් සහිතව කටයුතු කළ බවත් එහි නායකත්වය ගමේ ජීවත්වන ජනතාවගේ හද ගැස්ම හඳුණන ඔවුන්ගේ සිතුම් පැතුම්වලට ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කළ බවත්ය. පක්ෂයේ ස්වර්ණමය යුගය මේ වන විට උදාවී ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ රටටත්, පක්ෂයටත් තම දීර්ඝකාලීන පරිණත දේශපාලන දැක්ම ඔස්සේ නායකත්වය ලබාදෙමින් ත්‍රස්තවදය අවසන් කළා සේ ම සංවර්ධන ගමන් මගද නිවැරදිව සිදුකරන බවය."

    සබරගමුව පළාත් සභා‍වේ නියෝජ්‍ය සභාපති නීතිඥ දුෂ්මන් මිත්‍රපාල මහතා ඇතුළු විශාල පිරිසක් මෙම සම්මේලනයට එක්වූහ.  

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya