අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහන අරුණ ණය ගාල්ලේ දිවි නැඟුම සාමාජිකයන් 150කට

    සැප්තැම්බර් 02, 2014
    ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 50ක දිවි නැගුම සාමාජිකයන් 150කට අධික පිරිසක් ලක්ෂ 17ක් ඉක්ම වූ ණය මුදල් සහන අරුණ ණය වැඩසටහන යටතේ පළමු දිනයේ ම ණය ලබාගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුම ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයේ ජාතික ව්‍යාපාරය යටතේ ආරම්භ කළ මෙම සහන අරුණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.
     
    මේ යටතේ ඊයේ (01) කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගාල්ල, පෙට්ටිගලවත්ත, දඩල්ල, බඩල්පොළ, වැලිවත්ත ආදී දිවි නැගුම ප්‍රජා මූල බැංකු හරහා රුපියල් 50,000ක ණය මුදල් ප්‍රමාණය පුද්ගලයන් 22දෙනෙකු හා 5000 බැගින් වු ණය පුද්ගලයන් 132 දෙනෙකු විසින් ලබාගන්නා ලද බව ගාල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya