අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායක ඌවේ ඡන්ද සටන අතහැර උතුරු මැදට

    සැප්තැම්බර් 02, 2014
    ඌවේ එ.ජා.ප. මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතාගේ පරාජය අපේක්‍ෂා කරන රනිල් වික‍්‍රමසිංහ මහතා ඌවේ ඡන්ද සටන අතහැර උතුරු මැදට පැමිණ සජිත්ගේ නම විකුණමින් සිටින බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.


    අමාත්‍යවරයා එම අදහස් පළ කර සිටියේ කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ගොවීන් සඳහා දිවි නැඟුම ව්‍යාපෘතිය යටතේ රුපියල්75,000ක්  වටිනා වතුර මෝටර් බෙදා දුන් අවස්ථාවට එක්වෙමිනි. ගල්නෑවේ පැවති මේ උත්සයේදී රුපියල් 21,000ක් වටිනා වතුර මෝටර් වසරක කාලයක් තුළ ගෙවීමේ පදනම මත ලබා දී ඇත.

     

    මෙම උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙසේද කීය. "තම දේශපාලන ජීවිතයේදී කවදත් උතුර දකුණ වරද්දා ගෙන තබන තබන හැම මැතිවරණයෙන් ම අන්ත පරාජයක් උරුම කරගෙන සිටින රනිල් වික‍්‍රමසිංහ මහතා ඌව පළාත් සභා මැතිවරණ සටන අතහැර උතුරු මැද ගල්නෑවට පැමිණ රැස්වීම් තබා ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ නම විකුණමින් බව ද කීය. ගල්නෑවේ ගොවි හමුවට සජිත් පේ‍්‍රමදාස මහතා පැමිණෙන බවට දැවන්ත පෝස්ටර් ගසා මහා ප‍්‍රසිද්ධියක් දී ජනතාව ඒකරාශී කලත් සජිත් පේ‍්‍රමදාස මහතා එම රැස්වීමට නොපැමිණි නිසා රනිල් විසින් රවටන ලද පාක්‍ෂිකයන් බැණ බැණ ගොස් ඇති බවද කීය.

     

    සජිත් පේ‍්‍රමදාස මහතා ඌවේ ජනතාව අමතන බවට පෝස්ටර් ගසා තිබුණත් සජිත් ඌවේ මැතිවරණය මගහැර සිටින බවත් රනිල් හා සජිත් එකිනෙකාට බියෙන් සැකෙන් මේ යන ගමන එ.ජා.ප.යේ අවසන් ගමන වන බවත් කීය."

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya