මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමූඛ උපාය ග‍්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමයි

    සැප්තැම්බර් 02, 2014
    වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමූඛ උපාය ග‍්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම කියන කාරණාව නිසා හැම කෙනෙක් ම ඉපැයීමක් කළ යුතු බවත් එසේ නොකර කිසිම කෙනෙකුට දියුණුවිය නොහැකි බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.


    අමාත්‍යතුමා මේ අදහස් පළ කළේ දිවි නැඟුම, සහන අරුණ ණය යෝජනා ක‍්‍රමය යටතේ ග‍්‍රාමීය ණය බෙදා දෙමින් පැවති ජන හමුවක් අමතමිනි. දිවි නැඟුම සහන අරුණ ග‍්‍රාමීය ණය යෝජනා ක‍්‍රමය යටතේ පන්නල මැතිවරණ කොට්ඨාසයේ සහන ණය ලබාදීම ඛනිජල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පන්නල දිවි නැඟුම බැංකු පරිශ‍්‍රයේ දී සහ මාකඳුර දිවි නැඟුම බැංකු පරිශ‍්‍රයේ දී ඊයේ (01) පැවැත්විණි. 


    මූලික අදියරයේ දී ස්වයංරැකියා සහ ජීවන මට්ටම් උසස් කිරීමේ ව්‍යාපෘති සඳහා රුපියල් පනස් දහස බැගින් වූ ණය, ඉල්ලුම්කරුවන් 70ක් සඳහා බෙදාදීම අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය. 

    මෙම ණය ක‍්‍රමය යටතේ වාර්ෂික පොලී අනුපාතය 4% ක සහන පොලියකි. එක් වර්ෂයක පොලී රහිත ණය සහන කාලයකින් යුක්තව ණය ගෙවුම් කාලය අවුරුදු තුනක් වේ. ග‍්‍රාමීය මට්ටමේ ණය ඉල්ලු කරුවන් සඳහා ඇපකරුවන් නොමැතිව කිසිදු බැඳුම්කරයක් නොමැතිව වයස් සීමාවක් නොමැතිව ණය ලබා ගැනීමට හැකි ය. විශේෂයෙන්ම දිවි නැඟුම දෙපාර්තමේන්තුව මඟින් ග‍්‍රාමීය ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කාන්තාවන් සහ සමෘද්ධි  ප‍්‍රතිලාභීන්ගේ ව්‍යවසායක අවස්ථා නිර්මාණය කිරීම මෙයින් අපේක්ෂා කරන බව ද අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී.
       
    මේ අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද කීය. මේ රජය යටිතල පහසුකම් සංවර්ධනය කර තිබෙනවා. ඒ යටතේ පාරවල් හදලා තියෙනවා, විදුලිය දීල තියෙනවා. සමෘද්ධි ව්‍යෘපාරයෙන් ගෙවල් හදලා දීලා තියෙනවා. නමුත් ග‍්‍රාමීය දුප්පත්කම ඉවත් කිරීමට එය ප‍්‍රමාණවත් වී නැහැ. සමාජයක් දියුණු වෙද්දී වියදම් වැඩි වෙද්දි ඉපැයීමක් අවශ්‍යයි. ඒ සඳහා දිරියක් දීමට දිවි නැඟුම දෙපාර්තුමේන්තුව මේ වැඩපිළිවෙළ ආරම්භ කළා. ස්වයංරැකියාවලට ණය දෙන්නරුපියල් ලක්ෂ දෙසීයක් කටුගම්පොළ ආසනයට වෙන් කර තියෙනවා. මෙම ණය ක‍්‍රමය සමෘද්ධි බැංකු මඟින් ක‍්‍රියාත්මක කරන අතර එය අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. 

     

    දිවි නැඟුම දෙපාර්තුමේන්තුව ආරම්භ වුණාට පස්සේ සමෘද්ධියත් ඒ දෙපාර්තමේන්තුවට එකතු වුණා. සංවර්ධන නිලධාරීන් අධිකාරියේ සේවයෙන් ඉවත් වෙලා රජයේ සේවයට එකතු වුණා. සමෘද්ධි බැංකුව, දිවි නැඟුම බැංකුව බවට පත් වුණා. මේ දෙකෙන් රජය බලාපොරොත්තු වන දේ තමයි, ග‍්‍රාමීය ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය ස්වයංරැකියා ව්‍යාපාරයක් කරගන්න එක. 

     

    මෙම ණය ක‍්‍රමයේ අරමුණ ඔබගේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්න ක‍්‍රමයක් සලසා දීමයි. ගම්වල සිටින ස්වයංරැකියාවක් කරන්න පුළුවන් නමුත් ආර්ථිකමය වශයෙන් කරන්න බැරි අයගේ ජීවන මට්ටම වැඩිදියුණු කර ගැනීම. මේ අවුරුද්දෙන් පටන් අරන් දිගටම මේ කටයුත්ත කරගෙන යනවා. විදාතා මධ්‍යස්ථානය මඟින් ගමට තාක්ෂණය හදුන්වා දීම කරනවා. ඒ නිසා කාන්තාවන් ද ස්වයංරැකියා සහ ගෘහ කර්මාන්ත වශයෙන් ඇන්තූරියම් වැවීම කරනවා, රස කැවිලි, අයිස්ක‍්‍රීම් නිෂ්පාදනය කරනවා, මී මැසි පාලනය කරනවා. කිතුල් හකුරු නිෂ්පාදනය කරනවා. මේ වැඩපිළිවළ වැඩිදියුණු කරන්න රජය කටයුතු කරනවා. 

     

    අද තියෙන සමාජයට මුහුණ දෙන්න නම්, ආදායම වැඩිදියුණු කරන්න වෙනවා. ඒ සඳහා ආණ්ඩුවට බැනලා වැඩකුත් නැහැ. අපි ජීවත් වෙන්නේ අලුත් සමාජයක. මීට අවුරුදු 25කට කලින් තිබුණ නිවාස නෙවෙයි අද තියෙන්නේ. මීට අවුරුදු 20කට කලින් හිටිය පරම්පරාව නෙවෙයි අද ඉන්නේ. අද ගොඩක් දියුණු වෙලා. ඒ සඳහා මුදල් අවශ්‍යයි. නාගරීකරණය වෙනකොට නාගරීකරණයට මුහුණ දෙන්න නම් යම් ව්‍යාපාරයක යෙදිය යුතුයි. නමුත් ඒක හරි අඩුයි. එය දියුණු කරන්න තමයි ආණ්ඩුව මේ වැඩේ කළේ. මේ ණය ක‍්‍රමය සැලසුම් කර තිබෙනවා. ණය ආපසු ගෙවීම සඳහා අවුරුද්දක සහන කාලයක් තියෙනවා. පස්සේ සම වාරිකවලින් ගෙවීමේ පහසුකම් සකසා තිබෙනවා. සම වාරිකය කියන්නේ ලොකු දෙයක්. විශේෂයෙන් අපේ කාන්තාවන්ට වැඩිපුර ස්වයංරැකියා අවස්ථා නිර්මාණය කිරීම මේ තුළින් අවස්ථාව සැලසෙනු ඇතැයි මා විශ්වාස කරනවා. 


    රටේ යටිතල පහසුකම් සංවර්ධනය තිබෙනවා. කුරුණෑගල දිස්ත‍්‍රිකකයේ විදුලිය 96%ක් ලබා දී  තිබෙනවා. මාර්ග සංවර්ධනය කර තිබෙනවා. දුරකතන පහසුකම් ලබා දී තිබෙනවා. බැංකුවකින් ණයක් ගන්න බැරි ව්‍යාපාරයක් කරන්න බැරි, නැති බැරි උදවියට ආර්ථික වශයෙන් පිහිටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රජය ඒ සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන්කර තියෙනවා. ඒවා ක‍්‍රමානුකූලව ලබාදෙනවා. ඒ ණය ගෙවීමට ක‍්‍රමයක් අවශ්‍යයි. ආණ්ඩුව කියන්නේ සුබසාධන ව්‍යාපාරයක් කියා ඇතැමුන් සිතනවා. නමුත් ආණ්ඩුව සුබසාධන ආයතනයක් නොවෙයි. ඒ නිසා ණය ආපසු ගෙවීම අනිවාර්යයෙන් සිදු කළ යුතු යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya