අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ පිරිස් පෞද්ගලික අංශයේ රැකියා වෙළෙඳපොළ පිළිබඳ දැනුවත් කිරීමක්

    සැප්තැම්බර් 02, 2014

    ජනතාව සවිබලගැන්වීමේ යාපන ආරක්ෂක සේනා මූලස්ථාන ව්‍යාපෘතිය යටතේ රැකියා විරහිත තරුණ තරුණියන් රැකියා වෙළෙඳපොළ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා යාපනය චුන්නාකම් හිදී පැවැත්විණි.


    මේ වෙනුවෙන් දේශන පවත්වන ලද්දේ CINEC (Colombo International Nautical & Engineering College) විශ්වවිද්‍යාලයේ යාපන ශාඛාවේ අධ්‍යක්‍ෂ ටී. ලිංගේශ්වරම් මහතායි. එහිදී පැමිණ සිටි පිරිස සඳහා තමාගේ අනාගත වෘත්තීන් තෝරා ගන්නා ආකාරය, ඒ තුළින් අනාගතය මෙන් ම ආර්ථිකමය වශයෙන් ජීවිතය සවිමත් කරගන්නා අයුරු පැහැදිලි කරන ලදී.


    විශේෂයෙන් මෙම සම්මන්ත්‍රණයේදී වාණිජ, නාවික කටයුතු සහ තොරතුරු තාක්‍ෂණය යන විෂයන් සම්බන්ධයෙන් පවතින රැකියා වෙළෙඳපොළ සහ රැකියා අවස්ථා පිළිබඳව පැමිණි පිරිස් දැනුවත් කෙරිණි.

    25 වැනි විජයබා පාබල බලඇණිය මඟින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya