අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික වී වගාවට කාබනික පොහොර සහනාධාරයක් ඉල්ලති

    සැප්තැම්බර් 01, 2014
    රසායනික පොහොර භාවිත කරන ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය පාම්පරික වී වගා කරන ගොවීන්ට ද ලබා දෙන ලෙස කෑගල්ල දිස්ත්‍රික් ගොවීහු ඉල්ලා සිටිති.

    පාරිම්පරික වී වගාකරන ගොවීන් තමන්ගේ වියදමින් ඒ සඳහා කාබනික පොහොර මිලදීගෙන හෝ සකස් කරගෙන තම වගා කටයුතු කරගෙන යන බැවින් එවැනි සහනාධාර පොහොර ක්‍රමයක් ඇති වුවහොත් වඩා වැඩි ගොවීන් පිරිසක් පාරම්පරික වී වගාවට යොමු වනු ඇති බව මේ පිළිබඳව අදහස් දැක් වූ දැලිවල ගොවි කමිටු සභාපති ඒ.එම්.ඒ. බණ්ඩාර මහතා පවසයි.

    ඔහු මෙම අදහස් දැක්වූයේ කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කමිටුව අමතමිනි. මේ පිළිබඳව අදහස් දක්වමින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පැවසුවේ මේ යෝජනාව ඉතාමත් කාලෝචිත බවයි. මේ පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමට ද කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

     ECB/LT_dmu_Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya