මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 අගෝස්තු - මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීම

    සැප්තැම්බර් 01, 2014

    ඒකාබද්ධකරණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දක්වා තිබූ කාලසීමාවන්ට අනුකූලවීමේ වැදගත්කම වටහාගත් බොහෝ බැංකු හා මූල්‍ය සහ කල්බදු සමාගම් (බැංකු නොවන මූල්‍ය ආයතන) 2014 අගෝස්තු මස තුළ දී ඒකාබද්ධකරණ ක්‍රියාවලිය සඳහා සක්‍රීය ලෙස සහභාගි වී ඇති බව මහ බැංකුව පැවසීය.


    ඒ අනුව බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කිහිපයක්, එනම් ඒෂියන් ෆිනෑන්ස් ලිමිටඩ් සහ ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්, කැපිටල් එලයන්ස් ෆිනෑන්ස් පීඑල්සී සහ කාගිල්ස් බෑන්ක් ලිමිටඩ්, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, බාර්ට්ලීට් ෆිනෑන්ස් පීඑල්සී සහ ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී, ප්‍රයිම් ග්‍රාමීන් මයික්‍රො ෆිනෑන්ස් ලිමිටඩ් සහ හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී සහ සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සහ නිවෙස්ට් කැපිටල් ලිමිටඩ් විසින් එකඟ වූ ඒකාබද්ධකරණ සැලසුම් පිළිබඳව මහජන නිවේදන නිකුත් කර ඇත.

    බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද තවත් ඒකාබද්ධකරණ යෝජනා 10ක් සඳහා මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදුන් අතර අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ/අත්පත්කර ගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳ කටයුතු සිදු කරගෙන යන ලදී. මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු 07ක් සහ බැංකු නොවන මූල්‍ය ආයතන 22ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලීන් 29ක් සඳහා අනුමැතිය ලබා දී ඇත. තවද බැංකු නොවන මූල්‍ය ආයතන 7ක සහ එක් බැංකුවක ඒකාබද්ධකරණ සැලසුම් මේ වනවිට අවසන් අදියරෙහි පවතින අතර ඒ පිළිබඳ නිවේදන ඉදිරි දින කිහිපය තුළ දී සිදු කෙරෙනු ඇත. 

    ටීපීජී ග්ලෝබල් එල්එල්සී නම් ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ජාත්‍යන්තර පෞද්ගලික ආයෝජන ආයතනයක් විසින් ඔවුන්ගේ පරිපාලිත සමාගමක් හරහා යූනියන් බෑන්ක් පීඑල්සී සඳහා සැලකිය යුතු ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇත. ඒකාබද්ධකරණ ක්‍රියාවලියෙහි ඉදිරි ගමන සඳහා ශක්තිමත් උපායමාර්ගික ආයෝජකයන් සිටීමෙහි වැදගත්කම සැලකිල්ලට ගනිමින්, මුදල් මණ්ඩලය මෙකී ආයෝජනය සඳහා අනුමැතිය දී තිබේ. 

    ඩීඑෆ්සීසී බැංකුව, ඩීඑෆ්සීසී වර්ධන බෑන්ක් පීඑල්සී සහ නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී ඒකාබද්ධවීම මෙන්ම මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, එම්බීඑස්එල් සේවින්ග්ස් බෑන්ක් ලිමිටඩ් සහ එම්සීඑස්එල් ෆයිනෑන්ෂියල් සර්විසස් ලිමිටඩ් ඒකාබද්ධවීම පිළිබඳ කටයුතු මෙම වසරෙහි අවසන් කාර්තුව වනවිට සාර්ථකව නිම කිරීමේ අරමුණින් මෙම මස තුළ දී ද අඛණ්ඩව සිදුකරන ලදී. තවත් බැංකු නොවන මූල්‍ය ආයතන කිහිපයක් ද ඔවුන්ගේ ඒකාබද්ධකරණ සැලසුම්වලට අදාළ 
    කාර්යයන්හි තවදුරටත් නිරත විය. 

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද විගණන ආයතන, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලට ඒකාබද්ධකරණ ගනුදෙනු සහ ඒකාබද්ධකරණ කටයුතු සාර්ථක ලෙස සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ගනුදෙනු කළමනාකරණ කටයුතුවල අඛණ්ඩව නිරත විය. තවද මෙකී විගණන ආයතන විසින් සපයනු ලබන සේවාවන්හි ඒකීයත්වය සහ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ වෘත්තීය ගාස්තු පියවන ලදී. මේ අතරතුර සඵලදායී ලෙස ඒකාබද්ධකරණ කටයුතු සිදුකිරීම සහ ඒකාබද්ධවීමෙන් අනතුරුව ඇති විය හැකි ගැටලු මනාව කළමනාකරණය කිරීම යන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහය තවදුරටත් ලබාගන්නා ලදී. 

    ඒකාබද්ධකරණ ක්‍රියාවලිය සඳහා සහයවීමට හඳුන්වාදෙනු ලබන බදු ප්‍රතිලාභයන්ට අදාළ 2014 අංක 8 දරන දේශීය ආදායම් (සංශෝධන- පනතට සහ 2014 අංක 7 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතට අදාළ බදුකරණය පිළිබඳ මාර්ගෝපදේශයන්ට අදාළ කටයුතු, එයට සම්බන්ධ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට අවසන් කෙරෙමින් පවතී. 

    මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අදාළ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධ කිරීම සඳහා හඳුනාගත් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන විසින් ලබා ඇති ප්‍රගතිය සහ ඒකාබද්ධකරණ සැලසුම්වල සඳහන් කාලසීමාවන් පිළිබඳව සමීප අවධානයක් යොමු කරමින් සිටින බව ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පැවසීය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya