අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපයේ ලොකුම ලණුව ගිල්ලේ හරීන් - කෘෂිකර්ම අමාත්‍ය

    අගෝස්තු 16, 2014
    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම කෙරෙහි මෙරට කාන්තාව දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා බණ්ඩාරවෙල පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සමුළුවට සහභාගී වෙමින් පැවසීය.

    ඈත අතීතයේ පටන් මෙරට සිටි කාන්තා රාජ්‍ය නායකයන් වැටෙන්නට නොදී රැකගෙන ආ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කාන්තාවන්ගේ සහයෝගය මත ඉදිරියට ආ බවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පක්ෂයේ ජයග‍්‍රහණය උදෙසා කැපවුණු විශිෂ්ට කාන්තාවක් බවත් ඔහු කීය. 

    ඇය මහජන බැංකුව, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, තෙල් සංස්ථාව පිහිටුවා මෙරට ආර්ථික ක්ෂේත‍්‍රයට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ නායිකාවකි. වර්තමානයේ දී අතිගරු ජනාධිපතිතුමා රට සංවර්ධනය කිරීමේ දැවැන්ත කාර්යභාරය හමුවේ නොසැලී ඉදිරියටම ගමන් කරනුයේ මීට පෙර සිටි රාජ්‍ය නායකයන් සේ විදේශ බලපෑම්වලට යටත් නො වී අධිෂ්ඨානශීලීව පෙරට ආ බැවිනි. කිසිදු බාහිර බලවේගයකට යටත් නො වී දේශයේ අභිවෘද්ධිය පිණිස ක‍්‍රියා කිරීම නිසා වර්තමානයේ දී මානව හිමිකම් කොමිසම මාර්ගයෙන් විවිධ ප‍්‍රශ්න ඇති කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනේ. මේ සඳහා ප‍්‍රධාන හේතුව වී තිබෙන්නේ යුද්ධය නිමා කොට දේශය නිදහස් කර ගැනීමේ භාරධූර කර්තව්‍ය කිසිදු බලපෑමකට යටත් නො වී අවසන් කිරීමයි. අද වන විට කිසිදු බියක් සැකක් නොමැති ව අප මේ ආකාරයට රැස්වී සිටින්නේ අතිගරු ජනාධිපතිතුමන් අපට උදා කර දුන් නිදහස හේතුවෙන් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    යුද්ධය නිමා වී කෙටි කාලයක් තුළ ශී‍්‍ර ලංකාව තුළ සුවිශාල සංවර්ධන කි‍්‍රයාවලියක් සිදු වූ බව අප සැමදෙනාටම අවබෝධ වී ඇති කරුණකි. එදා රජයේ කාර්යාලවල හය ලක්ෂයක් වූ රජයේ සේවක සංඛ්‍යාව අද වන විට දහතුන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සතුටින් ප‍්‍රකාශ කළ හැකියි. රජයේ කාර්යාල, බැංකු, පාසල්, වෛද්‍ය, නීති වෘත්තීන්වල වැඩි ප‍්‍රමාණයක් සිටින්නේ කාන්තාවන්ය. වර්තමාන ආණ්ඩුවේ දූරදර්ශී ක‍්‍රියා කලාපය නිසා කාන්තාවට සමාජය තුළ ඉදිරියට යාමේ අවස්ථාව උදා වී ඇත. අප යන ඉදිරි ගමන වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගත්ත ද එය වැළැක්වීමට නොහැකි ක‍්‍රියාවලියකි. බණ්ඩාරවෙල නගර සභාවේ නගරාධිපතිතුමා කාන්තාවන්ට බොරු පොරොන්දු දීමට උත්සාහ ගන්නා අතර එසේ දිගින් දිගටම කළහොත් සදහටම විරුද්ධ පක්ෂයේ සිටින්නට සිදුවන බව ද ඔහු අවධාරණය කළේය.

    ඉතිහාසයේ පටන් ම සිදු වූ බාධා මැඬගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආ ගමන් මග දෙස නැවත හැරී බැලූ විට ඌව පළාත් සභා මැතිවරණය ජයග‍්‍රහණය කිරීම කිසිදු සැකයක් නොමැත. හරීන් ප‍්‍රනාන්දු මහතා එතුමන්ගේ පක්ෂය වෙනුවෙන් සේවය කරමින් කෘතගුණ බලාපොරොත්තු වුවද එක්සත් ජාතික පක්ෂය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නා පක්ෂයකි. ඉතිහාසයේ ලොකුම ලණුව ගිල්ලේ හරීන් ප‍්‍රනාන්දු මැතිතුමායි. 


    යුද්ධ කාල සීමාව තුළ තමන්ගේ ස්වාමියා, ඥාතියා, සහෝදරයා, දරුවා මරණයට ලක් වීම තුළින් වැඩිපුර අසරණ වූයේ කාන්තාවයි. එම රුදුරු භීෂණ සමය අවසන් කිරීමේ ගෞරවය අපේ ජනාධිපතිතුමන්ට අප නොඅඩුව ලබා දිය යුතු වේ. අපේ අනාගතය රැඳී තිබෙන්නේ මේ අවස්ථාවේ අපේ ජනතාව ගන්නා වැදගත් තීරණ මතයි. 2005දී ජනාධිපතිතුන්මට අපේ රට භාරදීමට පෙර රට තිබූ තත්ත්වය අද වන විට රටේ ඇති වී තිබෙන පෙරළිය පිළිබඳ අවධානය යොමු කිරීම තුළින් ඌව පළාත් සභා මැතිවරණයේ දී ජනතාවට නිවැරදි තීරණයක් ගත හැකිය. පසුගිය දිනවල විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ප‍්‍රකාශ කළේ කෘෂිකර්මාන්තය ඔහුට කරුමයක් කර ඇති බවයි. අතිගරු ජනාධිපතිතුමා කිසිදු අභියෝගයකට නොසැලී පොහොර සහනාධාරය ගොවීන් වෙනුවෙන් ලබාදීමේ කර්තව්‍ය නොනවත්වා සිදු කරමින් පවතී. රුපියල් 350ට පොහොර සහනාධාරය ලබා දිය නොහැකියි. මහින්ද චින්තන වැඩපිළිවෙළ විහිළුවකට ගත් යුගයක් තිබුණි. මේ වන විට කන්න 16ක් පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දී ඇත. ගොවිතැන් ක‍්‍රම, නිෂ්පාදනය අතින් වර්තමානය වන විට අපි ඉදිරියට ගොස් ඇත. අද අපේ රටේ නායකයන් ගැන අවබෝධයක් ඇති බුද්ධිමත් ඡන්ද දායකයන් පිරිසක් සිටින නිසා එළඹෙන ඌව පළාත් සභා මැතිවරණය නිසැකයෙන් ම ජයග‍්‍රහණය කරන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya