අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරකරුවන්ට විෂ වෙදකම හා කැඩුම්බිඳුම් වෙදකම පිළිබඳ පාඨමාලාවක්

    අගෝස්තු 16, 2014
    බන්ධනාගාරගත ව සිටින රැඳවියන් හට විෂ වෙදකම හා කැඩුම්බිඳුම් වෙදකම පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පසුගියදා එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති අන්තර් අමාත්‍යාංශ රැස්වීමේ දී අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.


    මේ සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක් ව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා පැවසූ බව පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පැවසීය. මේ සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද එකඟත්වය පළ කර ඇත. ඒ සඳහා දේශීය වෛද්‍ය පාඨමාලාවන් සඳහා පාඩම් මාලාවක් සෑදීමට අවශ්‍ය යැයි ද දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.


    රැඳවියන්හට නක්ෂත‍්‍ර පාඨමාලාවක් ද හැදෑරීමට අවස්ථාව ලබා දීම සඳහාත් කටයුතු කරන ලෙස අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සඳහා උපදෙස් දීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා මෙහිදී කටයුතු කර තිබේ.


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya