අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම vi වන අදියර සාර්ථක කර ගැනීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරින්ගේ සහය අත්‍යවශ්‍යයි

    අගෝස්තු 15, 2014
    අදියර 05ක් යටතේ ක්‍රියාත්මක කෙරණු දිවිනැගුම වැඩසටහන සාර්ථකව කරගැනීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍ර‍‍යේ නිලධාරින්ගෙන් ලැබුණු සහය ඉතා ඉහළ බවත් දිවිනැගුම vi වන අදියර සාර්ථක කර ගැනීම සඳහා ද ඔවුන්ගෙන් එවැනි ම සහයක් අපේක්ෂා කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා ‍මේ බව ප්‍රකාශ කළේ දිවි නැගුම vi වන අදියර ක්‍රියාත්මක කිරීමේදී පළාත්, දිස්ත්‍රික් සහ දෙපාර්තමේන්තුවල කෘෂිකර්ම අධ්‍යක්ෂකවරු, ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍ර‍යේ නිලධාරින්ගේ කාර්ය භාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (14) බත්තරමුල්ල ගොවිජන සේවා මන්දිරයේදි පැවති වැඩසටහනක් අමතමිනි.
     
    දිවි නැගුම වැඩසටහ‍නේ ඉතා අත්‍යවශ්‍ය අංශය වන්නේ කෘෂිකර්ම අංශය බව මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. දිවිනැගුම vi  වන අදියර යටතේ ප්‍රතිලාභීන් හට බීජ වර්ග 07න් යුත් බීජ කට්ටලය ලක්ෂ 25ක් හා පැළ වර්ග 04න් යුත් පැළ 09ක් බැගින් වශයෙන් පැළ වර්ග ලක්ෂ 126ක් ලබා දීමට මෙවර කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. දිවි නැගුම v වෙනි අදියර යටතේ සමාරම්භක උත්සවය සනිටුහන් කරමින් සෑම නිවසක් සඳහා ම මිටි මුරුංගා පැළයක් ලබා දීමට කටයුතු කළ බවත් vi වන අදියරේදී කතුරු මුරුංගා පැළය බැගින් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
     
    “දිවි නැගුම ජාතික ව්‍යාපාරය මෙරට සියලු ජනතාව සහභාගි කරගන්න අවශ්‍යයි. මෙවරත් ජනතාව විශේෂයෙන් නැවත වාරයක් ගෙවතු වගාවට පෙළඹවීමට දිරිගැන්වීමක් කරනවා. සමහර බීජ වර්ග පැළ වශයෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගිය වරට වඩා වෙනසක් කරන්න. සෑම ග්‍රාම සේවා වසමකම නිලධාරීන් විසින් තෝරාගත් පවුල්වල එක් අයෙකුට ගෙවතු වගා කිරීම පිළිබඳ පුහුණුවක් ‍ගොවිජන සේවා මධ්‍යස්ථානයේදි ලබා දෙනවා. මෙම දිවි නැගුම වැඩසටහන ඔක්තොබර් 20 වෙනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ̏ එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    මෙම  දැනුවත් කිරීමේ වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya