අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිඕවිට පාසල් 100ක දරුවන්ට අතිරේක නිල ඇඳුම්

    අගෝස්තු 15, 2014
    දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ දුෂ්කර, අති දුෂ්කර සහ හුදෙකලා පාසල් 100ක ඉගෙනුම ලබන පාසල් ළමුන් 5000කට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියමයෙන් අතිරේක පාසල් නිල ඇඳුම් කට්ටලයක් සහ පාවහන් යුගල බැගින් ලබාදීමට අධ්‍යාපන සේවා අමාත්‍යංශය පියවර ගනී.
     
    දිවයිනේ දුෂ්කර, අති දුෂ්කර සහ හුදෙකලා පාසල්වල ඉගෙනුම ලබන දූදරුවන් සඳහා දැනට ලබාදෙන නිල ඇඳුම් කට්ටලයට අමතර ව අතිරේක නිල ඇඳුම් කට්ටලයක් හා පාවහන් යුගල බැගින් ලබාදෙන බවට 2013 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දුන් ප්‍රතිඥාවක් ඉටුකරමින් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් ළමුන් 5000ක් අතර එම නිල ඇඳුම් ප්‍රදානය දෙහිඕවිට කලාප අධ්‍යාපන කාර්යාලයේ දී සිදුවිය.
     
    වසරක් පාසා පාසල් ළමුන් සඳහා නොමිලේ නිල ඇඳුම් ලබාදීමට රජය රුපියල් මිලියන 1750ක් වැය කරයි.
     
    මීට අමතරව අතිරේක ඇඳුම් කට්ටලයක් සහ පාවහන් යුගල බැගින් ලබාදීමට රජය මේ වසරේ අතිරේකව වැය කරන මුදල රුලියල් මිලියන 100ක් පමණ වේ.
     
    දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ සමස්ත පාසල් සංඛ්‍යාව 230කි. ඉන් පාසැල් 60ක් දෙමළ මාධ්‍ය පාසැල් වන අතර පාසල් 230න් පාසල් 100ක් ම දුෂ්කර, අති දුෂ්කර හෝ හුදෙකලා ගණයට අයත් පාසල් වේ. ළමුන් 53,000ක් එම සමස්ත කලාපයේ ඉගෙනුම ලබති.
     
    ඒ අතුරෙන්  දුෂ්කර, අති දුෂ්කර හෝ හුදෙකලා පාසැල් 100 ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 5000ක් වන අතර ඔවුන් සියලු දෙනාටම අතිරේක ඇඳුම් කට්ටලය බැගින් ලබාදීම සහ පාවහන් ලබාදීමට අදාළ ඇණවුම් පත එකී පාසැල්වල විදුහල්පතිවරුන්ට ලබාදීම සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා අතින් සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya