අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත තුළ උපදේශන සේවාව පුළුල් කෙරේ

    අගෝස්තු 15, 2014

    උතුරු පළාත තුළ උපදේශන සේවාව පුළුල් කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගනී.මේ අනුව එහි ආරම්භක පියවර ලෙස කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් පරන්තන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් දරුවන් හා වැඩිහිටියන් දෙසියදෙදෙනෙකු සඳහා උපදේශන ප්‍රතිකාර ලබාදීම පසුගියදා  සිදුකෙරිණි.


    මෙහි දී අදහස් දැක්වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ,“උපදේශනයන් ලබාදෙන රාජ්‍ය ආයතනයන්ගෙන් ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන්නේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයයි. අමාත්‍යාංශයේ වගකීම් මාලාව අතරින් ප්‍රධාන වගකීමක් ලෙස උපදේශන සේවා ලබාදීම හඳුන්වන්න පුළුවන්. රටේ ඉදිරි පැවැත්මට උද්යෝගයෙන් මෙන් ම අවදියෙන් සිටිය යුතු මානව කොට්ඨාසයත් අත්‍යවශ්‍ය බව පෙනී යනවා. අභ්‍යන්තරව ලබාදෙන ප්‍රතිකාරයන්ට වඩා වැඩි බලයක් හා ශක්තියක් බාහිරව ලබාදෙන උපදේශන ප්‍රතිකාරයන්වල පවතිනවා. ගුණාත්මක බවින් ක්‍රියාශීලී මානව පිරිසක් රටට දායාද කර රට තව තවත් සංවර්ධනය කරා ළඟා කරවීම මෙහි මූලික අරමුණයි.”


    පරන්තන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් තෝරාගත්  පිරිස සඳහා නිසි පුහුණුව හා අත්දැකීම් ලත් පරිපූර්ණ දමිළ උපදේශන නිලධාරීන් 10 ‍දෙනෙකු  ඇතුළු ළමා හා කාන්තා සංවර්ධන ඒකකයන්හි නිලධාරීන් සම්පත් දායකයන් ලෙස ක්‍රියා කළහ. මොවුන්ගේ සාර්ථකත්වය පිළිබඳ දිගින් දිගටම පසුවිපරම් කිරීමට ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා උපදෙස් දී ඇත.

    ඒ අනුව මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් උතුරු නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල 83 හිම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කෙරේ. එහිදී අතුරුදහන්වුවන්ගේ කොමිසම ප්‍රධාන සම්බන්ධීකාරක ආයතනය ලෙස සහයෝගය දැක්වීමට ද නියමිත ය.
     

    ඉකුත් යුධ සමයේ පැවති ගැටුම් හේතුවෙන් විවධ මානසික පීඩාවන්ට ලක් වූ පිරිසක් ද සිටින කිලිනොච්චිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් ජාතික මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් සිදුකළ පර්යේෂණයකට අනුව උපදේශනය සිදුකිරීමට අදාළ පිරිස තෝරාගෙන තිබේ.

    ඒ අනුව පවුල්, අධ්‍යාපන, විවාහ සහ නීතිමය ගැටලු මත එම ප්‍රදේශයේ ඇතැම් පිරිස් මානසික පීඩාවන්ට ගොදුරු වී ඇති බව සොයාගෙන තිබේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya