මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය යහපත් මට්ටමක

    අගෝස්තු 12, 2014

    රාජ්‍ය ණය කළමනාකරණ උපාය මාර්ග සකස් කොට ක්‍රියාත්මක කරනු ලබනුයේ මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චිත ලෙස සකස් කරන ලද මධ්‍යකාලීන ණය උපායමාර්ගික සැලැස්ම හා අනුකූලවය.


    මධ්‍යකාලීන ණය උපායමාර්ගික සැලැස්මෙහි මූලික ඉලක්කය වනුයේ සාර්ව ආර්ථික දර්ශකයන්ගේ යෝජිත ගමන් මග සහ වෙළෙඳපොළ පරිසරය වෙත අවධානය යොමුකරමින් විසර්ජන පනත මඟින් නියම කරන ලද දළ ණය සීමාව අනුව මූල්‍යනය තහවුරු කිරීම සඳහා නියමිත සංයුතියකින් යුත් ණය කළඹක් ගොඩනැගීමයි.


    එමෙන්ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළඹෙහි ගැබ් වී ඇති අවදානම විචක්ෂණශීලීව කළමනාකරණය කිරීම තහවුරු කරමින් රජයේ ණය අවම පිරිවැයකට පවත්වා ගැනීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    රටෙහි රාජ්‍ය ණය කළඹට අදාළව මහ බැංකුව විසින් මධ්‍ය වාර්ෂික සංඛ්‍යාවන් නිකුත් කරනු ලබනුයේ මෙකී පසුබිම යටතේයි. ඒ අනුව වාර්ෂික ඇස්තමේන්තුව යටතේ 2014 වසරේ ජූනි අවසාන වන විට රාජ්‍ය ණය 74.3%කි. මෙහි දේශීය ණය 41.4%ක් හා විදේශීය ණය 32.9%ක් ලෙස සඳහන් වේ. 2005 සිට 2013 කාලය අතරතුර එම ණය වාර්ෂිකව පිළිවෙළින් 90.6%ක්, 86.2%ක් හා 78.3% ලෙස මහ බැංකුව වාර්තා කර ඇත.


    2014 වසරේ ජූනි අවසානය වන විට දේශීය හා විදේශීය රාජ්‍ය ණය කල්පිරීමට ගත වන කාලය වන්නේ දේශීය අවුරුදු 06ක් හා විදේශීය අවුරුදු 10.4ක් ලෙසයි.


    කෙටි කාලීන දේශීය රාජ්‍ය ණය 2013 වසර අවසන් වන විට 23.7%ක් ද 2014 ජූනි අවසානයට 22.4%ක් ලෙස ද මෙහි සඳහන් වේ. දීර්ඝතම පරිණත කාලයක් සහිත භාණ්ඩාගාර බැඳුම්කරය කල්පිරීමට ගතවන කාලය අවුරුදු 30කි.


    ප්‍රාථමික වෙළෙඳපොළ භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාත 2014 ජූනි අවසානයට දින 91ක් සඳහා 6.51%ක්, දින 182කට 6.69%ක් හා දින 364කට 6.99ක් වේ.


    ප්‍රාථමික වෙළෙඳපොළ භාණ්ඩාගාර බැඳුම්කර ඵලදා අනුපාතය 2014 ජූනි අවසාන වන විට වසර 05කට 8.93%ක්, වසර 10කට 10%ක් හා වසර 30කට 11.75%ක් ලෙස මහ බැංකුව වාර්තා කර ඇත.
     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya