අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය පරිසර සහ කෘෂිකර්ම කමිටු රැස්වෙයි

    අගෝස්තු 12, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් පරිසර කමිටුව සහ කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  පසුගිය දා පැවැත්විණ.


    පරසර කමිටුව තුළ විශේෂ අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත් වූයේ පෞද්ගලික බෙහෙත් ශාලාවලින් ඉවතලන අපද්‍රව්‍ය ආදිය නිසි ලෙස බැහැර කිරීම සඳහා උපදේශන සේවාවක් අවශ්‍ය බවයි. එවැනි අපද්‍රව්‍ය නගරයේ විවිධ ස්ථානවලට බැහැර කිරීම සහ එවැනි අපද්‍රව්‍ය ජලාශ්‍රිත ප්‍රදේශ වලට බැහැර කිරීම මඟින් ආසාදනකාරී තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබේ. එබැවින් ඉහත දැනුවත් කිරීම සෞඛ්‍ය සේවා අංශ මඟින් ක්‍රියාත්මක කිරීමට නව වැඩ පිළිවෙලක් සකස්කරන ලෙස දිස්ත්‍රික් ලේකම් වෙතින් අදාළ අංශ වෙත උපදෙස් හිමි විය. එමෙන් ම විවිධ සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් පාරිසරිකව, ඓතිහාසිකව සහ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් වැදගත් ස්ථාන ඉලක්ක කොටගෙන සිදු කරනු ලබන හානි දායක ක්‍රියා පිළිවෙත් පිළිබඳව විශේෂ අවධානයකින් සිටිය යුතු බවට ද මෙහි දී උපදෙස් හිමි විය.


    මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නගරයට උයන් වතු වැඩසටහන පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම මෙහි දී සිදු වූ අතර ඒ සඳහා පැවැත්වීමට යෝජිත කෘෂිබෝග වැඩසටහන සඳහා රාජ්‍ය අංශයේ ඉදිරිපත් වීමෙහි වැදගත්කමද මෙහි දී මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන ලදී. මේ අවස්ථාව සඳහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශ නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya