අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

    අගෝස්තු 12, 2014

    කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වු චන්ද්‍රසිරි බණ්ඩාර මහතා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් පත් කර තිබේ.

     

    1992 වසරේ පරිපාලන සේවයට එක් වු චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහකාර ප‍්‍රාදේශීය ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් තනතුරු දරමින් ත‍්‍රස්තවාදී සමයේ වසර දහතුනක් (13) කල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජනතාව වෙනුවෙන් කළ සේවය කැපී පෙනෙයි. වනාතවිල්ලුව, නවගත්තේගම, කරුවලගස් වැව, කල්පිටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සහකාර ප‍්‍රාදේශීය ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් තනතුරු දරා පුත්තලම අතිරේක දිසාපති, උතුරු මැද පළාත් නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් යන තනතුරු මේ දක්වා වසර විසිදෙකක් පරිපාලන සේවය තුළ බණ්ඩාර මහතා කටයුතු කර තිබේ. ඒ මහතා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ (බාහිර) කලා උපාධිධාරියෙකු ද වේ.
     

    චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ප‍්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට සමගාමීව නීතිය හා සාමය, මුදල් හා ක‍්‍රමසම්පාදන, පළාත් පාලන, පළාත් වාරිමාර්ග, ඉඩම් පළාත් මාර්ග සංවර්ධන ග‍්‍රාමීය යටිතල පහසුකම් සහ ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශවල ද ලේකම්වරයා වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya