අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා වෘත්තීය පුහුණුව ගමට ගෙන යාම හරහා NVQ රාමුව නිර්මාණය වුණා

    අගෝස්තු 12, 2014
    මරදානේ තාක්ෂණ විද්‍යාලය 1883 දී ආරම්භ කළ බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කම්කරු අමාත්‍යතුමාව සිටිය දී වෘත්තීය පුහුණුව ගමට රැගෙන ගිය බවත් ඒ අනුව NVQ සුදුසුකම් රාමුව නිර්මාණය වන බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙසේ පැවසුයේ ඊයේ (11) කුරුණෑගල මාලිගාපිටියේ දී හොල්සිම් ආයතනයේ සහ NAITA ආයතනයේ අනුග්‍රහයෙන් පැවති පෙදරේරුවන් 500ක් ඉදිකිරීම් ශිල්පීන් වශයෙන් පුහුණු කිරීමේ  '' නිපුණතා අභිෂේක ''  උත්සවයට සහභාගී වෙමිනි.
     
    ද්විතීයක අධ්‍යාපනයට තාක්ෂණික විෂය 2012 දී ඇතුළත් කළා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ විශ්වවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙනවා. මේ අවුරුද්දේ අය වැයෙන් අධ්‍යාපන හා යෞවන කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධ කොට SLQF ක්‍රියාත්මක කරනවා. අවුරුදු 122කට පස්සේ NVQ උපාධිධාරීන් බිහි වුණා. අපේ සංවර්ධන බැංකුව කිව්වේ අපි අවුරුදු 50කට කලින් මේ ගමන යන්න තිබුනේ කියලා. අපි කලාබර අධ්‍යාපනයකට හිරවෙලා හිටියේ. අපේ රටේ නිපුණත්වය රජ කාලේ ඉඳලා කුල ක්‍රමයක ගාල් කරලා තිබුණේ. නමුත් අද මේ වෘත්තීයවේදීන්ට ලොකු ගමනක් යන්න පුළුවන්.
     
    අපිට 1948 ඉඳලා අඩුපාඩු තියනවා. අපිට ඉතිහාසයට වගකියන්න බෑ. ප්‍රතිපත්ති ගැනීමේ තීරණ අපිට පැවරිලා තියනවා. අඩුගානේ දමිළ දරුවෙකුට සිංහල උගන්වන්න සිංහල දරුවෙකුට දමිළ උගන්වන්න අපිට අධ්‍යාපන ක්‍රමයක් තිබුනේ නෑ. අද ජනගහණය මිලියන 21ට අඩුයි. මේ පුංචි දුපතේ ජීවත්වන ජනතාව කතාකරන්නේ භාෂා දෙකයි. අපිට එහෙම පෙළඹවීමක් තිබුණේ නෑ. අපේ රටේ වෘත්තීය අධ්‍යාපනය ගොඩනැඟීමට අපිට අඩු සැලකිල්ලක් තිබුණේ.
     
    ඍණාත්මක දේ පමණක් නො ව ධනාත්මක දේත් රටට දිය යුතු බවත් මෙය අනුභාව  සම්පන්න ක්‍රියාදාමයක් බැවින් මේ පිළිබඳ ව මුළු රටටම කියන්න යැයි ද අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.
     
    මෙම අවස්ථාවට උද්‍යාන හා පොදු විනෝද කටයුතු අමාත්‍ය ජයරත්න හේරත්, වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ, කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ, හොල්සිම් ප්‍රධාන විධායක ෆිලිප් රිචර්ඩ්,  NAITA ආයතනයේ සභාපති චන්දන අරුණදේව මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya