අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව ඇමැති බැසිල්ගේ ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 12, 2014
    ශ‍්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාව විසින් ප‍්‍රථම වරට සංවිධානය කරන ලද ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ සමුළුවේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවත්විණි.
     
    දෙස් විදෙස් කෘෂි විද්‍යාඥයන්, කෘෂි පර්යේෂකයන්, දේශීය සහ ජාත්‍යන්තර කෘෂිකාර්මික ආයතනයන්හි නියෝජිතයන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුව අද (12) ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට අදාළ ව සිදුකරන ලද පර්යේෂණ පිළිබඳ ව දැනුවත් කිරීම මෙහිදී සිදුකරනු ලබයි. සමුළුවට සමගාමීව කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබුණි.  
     
    ශ‍්‍රී  ලංකා කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති සභාව 1987 අංක 47 දරන පාර්ලිමේන්තු පනත යටතේ ආරම්භ කර ඇත. කෘෂිකාර්මික පර්යේෂණ නිසි ආකාරයෙන් සම්බන්ධීකරණය කිරීම මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි. 
     
    මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, ශ‍්‍රී  ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාවේ සභාපති ආචාර්ය ජයන්ත සමරසිංහ සහ ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, තායිලන්තය යන රටවල නියෝජිතවරු රැසක් සහභාගී වූහ.
     
    DB
     
    MP BR AGRY COM 1
     
     
     
    MP BR AGRY COM 2
     
    MP BR AGRY COM 3
     
    MP BR AGRY COM 4
     
    MP BR AGRY COM 5
     
    MP BR AGRY COM 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya