අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බල උපකරණ හා අත් උපකරණ සඳහා නව ප්‍රදර්ශනාගාරයක් අද විවෘත වේ

    අගෝස්තු 12, 2014
    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ මාලිගාවත්ත ප්‍රදේශයේ ආරම්භ කෙරෙන නව ප්‍රදර්ශනාගාරය අද (12) පෙරවරු 10.00ට, නො.214, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, කොළඹ 12 හිදී  රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
     
    පාරිභෝගික අවශ්‍යතාවලට වැඩි අවධානයක් යොමු කරමින් ගුණාත්මක භාවයෙන් යුතු පාරිභෝගික භාණ්ඩ සහනදායක මිලක් යටතේ සපයාදීම හා මිල ස්ථායීකරණය කිරීම පිණිස සේවා සැපයීම අරමුණු කර ගනිමින් එස්.ටී.සී. ආයතනය ක්‍රියාත්මක වේ. ඒ අනුව දිවයින පුරා විසිරී සිටින කර්මාන්තකරුවන් වෙනුවෙන් තත්ත්වයෙන් උසස් උපකරණ පහසු මිලට ලබා ගැනීමට ද මෙහිදී හැකියාව ලැබේ.
     
    මෙම නව ප්‍රදර්ශනාගාරය බල උපකරණ (Power Tools),අත් උපකරණ (Hand Tools)හා වතුර පොම්ප (Water Pump) සඳහා ම වෙන් වන අතර, මේ සියලු ම උපකරණ එකම ස්ථානයකින් ලබා ගැනීමේ අවස්ථාව මෙහිදී පාරිභෝගිකයාට හිමිවේ. 
     
    කොළඹ නවම් මාවත, නුවර, කුරුණෑගල, යාපනය හා අනුරාධපුර යන දිස්ත්‍රික්කයන්හි එස්.ටී.සී. ආයතනයේ ප්‍රදර්ශනාගාර පැවැත්වෙන අතර, ඉදිරියේදී නව ප්‍රදර්ශනාගාර මාතර හා නාරාහේන්පිට දී විවෘත වීමට නියමිතය.
     
    ECB/sw_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya