අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වන විට මේසන්වරු 5000ක් ගොඩනැගීමට කටයුතු කරනවා

    අගෝස්තු 12, 2014
    2015 වන විට වයඹ පළාතේ මේසන්වරු 5000ක් ගොඩනැගීමට කටයුතු කරන බව වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා එසේ පැවසුයේ ඊයේ (11) කුරුණෑගල මාලිගාපිටියේදී  හොල්සිම් ආයතනයේ සහ NAITA  ආයතනයේ අනුග්‍රහයෙන් පැවති පෙදරේරුවන් 500ක් ඉදිකිරීම් ශිල්පීන් වශයෙන් පුහුණු කිරීමේ  '' නිපුණතා අභිෂේක ''  උත්සවයට සහභාගී වෙමිනි. 
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "මම වයඹ  මහ ඇමති වුණාට පස්සේ හොල්සිම් ආයතනයේ අසේල මහත්මයා එක්කයි ෆිලිප් මහත්තයත් එක්කත් කතාකරලා මේ වැඩපිළිවෙළ පටන්ගත්තේ. හොල්සිම් ආයතනය කියන්නේ අපේ පළාතට ප්‍රධාන ආයතනයක්. විශේෂයෙන් අපිට CSR  කියන ව්‍යාපෘති ගණනාවක් අවශ්‍ය වෙලා තිබුණා. මේ කාර්ය භාරය සමඟ 2015 වනවිට මේසන්වරු 5000ක් ගොඩනැගීමට කටයුතු කරනවා. මම ආයතන ප්‍රධානීන්ට කිව්වේ පුත්තලමට විතරක් නෙමෙයි මුළු වයඹින් ම 1000ක් තෝරලා දෙන්න කියලා. 
     
    වයඹ පළාතේ 17000 කට වැඩි ප්‍රමාණයක් මේසන්වරු ඉන්නවා. ඒ අතරින් 85% ක්ම වෘත්තීය පුහුණුව ලබලා නෑ. මේකේ ලොකු වටිනාකමක් තියනවා. ඒ අනුව  අපේ මේසන් ශිල්පීන් 17000 දෙනාට හොල්සිම් ආයතනයත් එක්ක එකතුවෙලා මේ වෘත්තීය පුහුණුව පටන්ගන්න අපි යෝජනා කරේ. 
     
    සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම නිපුණතා නිලධාරීන් ඉන්නවා. මම එයාලා එක්කත් කතා කරා. ඒ දේවල් වෙනුවෙන් මේ පළාතේ ක්‍රමානුකුල නායකත්වයක් තිබ්බේ නෑ. විවිධ ක්‍ෂේත්‍රවල ඉන්න අය 40000ක් පමණ ඉන්නවා. මේසන්වරු, වඩුවැඩකරුවන්, ජල නළ සවිකරන්නන්. 2009 දී අපේ ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න මහතා වයඹට වෘතීය පුහුණු සැලැස්ම හදලා තිබුණා. පොත් හදනවා. වියදම් කරනවා. හැබැයි එව්වා ක්‍රියාත්මක කරලා තිබ්බේ නෑ. මේ පටගත්ත වැඩපිළිවෙළ අපි නතරකරන්නේ නැතිව ඉස්සරහට අරගෙන යන්න ඕනේ.  අද ගොඩක් තරුණ තරුණියෝ ගම්වල, හන්දි  ගානේ, බෝක්කු ගානේ රස්තියාදු වෙනවා. ආණ්ඩුවේ රක්ෂා තමයි ඉල්ලන්නේ. මෙතන ඉන්න නිලධාරීන් පවා පහළ තැනක ඉඳලා තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. මම විශ්වවිද්‍යාලයේ යන්න කලින් අවුරුදු 3ක් පෝලිමේ හිටියා. ඒ කාලයේ 88, 89 කියන්නේ භීෂණය පැවති යුගයක්. ඒ කාලයේ මම රුපියල් 1000 පඩියටත් වැඩ කරලා තියනවා. ඒත් අද සමහර අය බලන්නේ දේශපාලඥයෝ පස්සේ ගිහින් පියන් තනතුරක් හරි ගන්න. 
     
    වැඩ කළ හැකි අපේ සමස්ත ප්‍රමාණය 80,000ක් පමණ ඉන්නවා. පළමුව අපි ආසනයක් ආසනයක් ගානේ ගිහින් මේ ශිල්පීන්ව පුහුණු කරන වැඩපිළිවෙළ කරන්නේ. ඔවුන්ට හැකිවෙනවා සහතිකයක් ගන්න. පිටරට රැකියාවකට යන්න වුණත් ඒ සහතිකය ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම  ගොඩක් අය ගන්න පඩිය ගැන හිතන්නේ නෑ. නම හදාගන්න හැටි තමා හිතන්නේ. මේසන් බාස් කියනවට කැමති නෑ. අශ්වයා ජිරාෆ් තරම් උස නැති වුණාට අශ්වයාව පන්නන්න අපි උදව් කරන්න ඕනේ. අද ක්‍ෂේත්‍රයේ රැකියා තියනවා. උදව් කරන්න අපිට මුදල් තියනවා. ඕස්ට්‍රේලියාවේ ගිහින් බලන්න. අනෙක් රටවල් බලන්න. ඒ වගේම 2016 වන විට අපිට හෝටල් ක්‍ෂේත්‍රයට ලක්ෂ 5ක් ඕනේ. දැනට ඉන්නේ ලක්ෂයයි.  හෝටල් 300ක් අපි ඉදිකරනවා. අපිට එවිට සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්. 
     
    තරුණ තරුණියන් රජයේ රක්ෂා හොයාගෙන ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතිව වෘත්තීය  පුහුණු මට්ටමින් තමන්ගේ දෙයක් කරගන්න. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම මේ වැඩසටහන ව්‍යාප්ත කරනවා. මානව සම්පත් සංවර්ධනයේ අලුත් නිම්වළලු උදා කරනවා."
     
    මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාරවර තිස්ස බලල්ල, වයඹ ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් ආර්. රත්නායක, හොල්සිම් ආයතනයේ ප්‍රධාන විධායක ෆිලිප් රිචර්ඩ්, නියෝජ්‍ය අධිපති අසේල ඉද්දවෙල, NAITA ආයතනයේ සභාපති චන්දන අරුණදේව මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya