අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් බැට කෑ මොනරාගල උක් ගොවින්ට දෙකෝටි විසි ලක්ෂයක නියං සහනාධාර

    අගෝස්තු 12, 2014
    මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 1600කට රුපියල් මිලියන 22ක් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව සෙවණගල සී/ස ලංකා සීනි සමාගම කටයුතු කළ බව සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා එසේ පැවසුවේ ආනන්දගම, සමනළගම ආදී ප්‍රදේශවල ගොවි පවුල් 650 දෙනෙකු වෙත චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
     
    තව දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, රටේ දිස්ත්‍රික්ක ගණනාවකට ම මෙම දැඩි නියඟය බලපා තිබෙනවා. පානීය ජල පහසුකම් නොමැතිව ජනතාව විශාල ලෙස අසරණ වෙලා. ආපදා කළමනාකරණ අමාත්‍යංශය හරහා රජය මේ වන විට මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා. මොනරාගල දිස්ත්‍රික්කයට බලපා තිබෙන මෙම නියඟය හේතුවෙන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 07කට මෙම තත්ත්වය බලපා තිබෙනවා. 
     
    කිරිඳිඔය, හැඩ ඔය, ගල් ඔය, මරගල ඔය, කුඹුක්කන් ඔය හා මැණික් ගඟ යන ගංගාවල ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහළ බැහැලා. මුතුකන්ඩිය ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 24601 සිට 6800 දක්වා පහළට බැහැලා. ඇතිමලේ වැවේ අක්කර 5510 සිට 583 දක්වා පහළට බැහැලා, කොටියාගල වැවේ අක්කර අඩි 2116 සිට 436 දක්වාත්, හඳපානා ගල වැවේ අක්කර අඩි 5808 සිට 1349 දක්වාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුලු ඔයේ ජල මට්ටම අක්කර අඩි 2202 සිට 940 දක්වා අඩු වෙලා. මේ තත්ත්වය ස්වභාවික විපත්තියක්. මොනවා කරන්නද වැස්ස නැති වුණාමත් ආණ්ඩුවට බනිනවා. වැස්සත් ආණ්ඩුවට බනිනවා. 
     
    මමත් විපක්ෂයේ  ඉන්න කොට කළේ ඔය ජොබ් එක තමා. අපිට වෙන වැඩ තිබ්බේ නැහැ. අපිත් කළේ ආණ්ඩුවට බැන බැන හිටපු එක විතරයි. හැබැයි එහෙම ඉඳලා ඉල්ලපු ඉල්ලපු ඡන්දේ පරාදයි. නමුත් ජනතාව දන්නවා රජය මොන තරම් වැඩ කොටසක් මේ ජනතාව වෙනුවෙන් කරනවා ද කියලා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත නියඟය නිසා උක් වගාව කර ගැනීමට නොහැකි වු ගොවි පවුල් 1600කට අද දවසේ මිලියන 220ක් බෙදා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා.
     
    කොවුල් ආර, උස්වැලි ආර, කටුපිලගම, සම්පත්ගම, මයුරාගම, උඩමවුආර, නෙලුම්සිරි ගම, යන ගම්මානවලට මෙවැනි නියං ආධාර ලබා දෙන්නට අපිට හැකියාවක් ලැබුණේ පෞද්ගලික ආයතන සතුව තිබු සෙවණගල හා පැල්වත්ත වැනි ආයතන ජනාධිපතිතුමා රජයට පවරා ගැනීම නිසයි. පසුගිය කාලය පුරාම උක් ගස් වගේ ජනතාවගේ ජීවිත අඹරලා මේකේ සාරය ගියේ තනි පුද්ගලයෙකුගේ සාක්කුවට. අද ඒවා අපි බෙදා දෙන්නේ මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට. මෙය සැලසුම් කළේ ඡන්දේ බලා ගෙන නෙමෙයි. ඌව පළාත් සභාව විසුරුවන්න පෙරාතුවයි ජනාධිපතුමා අපිට මේ උපදෙස් ලබා දුන්නේ. ජනාධිපතිතුමාට තමුන්නාසේලා මේවට කළගුණ සලකන්න ඕනේ. 
     
    මේ අවස්ථාවට ඌව පළාත් සභාවේ හිටපු සභානායක විමල් ගලගමආරච්චි, සෙවණගල ලංකා සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සී.ඊ. අමුණුගම, ප්‍රාදේශීය සභා මන්ත්‍රී වී.ජී. පියදාස මහත්වරු ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන් සහ ගොවි පවුල් විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya