අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ නියාමනයට පිරිවිතරයන් සැකසෙයි

    අගෝස්තු 12, 2014
    මෙරට අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ නියාමනය කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කෙරෙමින් පවතින බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.
     
    ජනතා අපේක්‍ෂා හඳුනා ගනිමින් අධිවේගී මාර්ග මෙරට ඉදිකරනු ලැබුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. මෙම ඉදිකිරීමත් සමඟ එම මාර්ග භාවිත කරමින් මගීන්ගේ අවශ්‍යතා පරිදි පෞද්ගලික බස් රථ යෙදවීම සිදුවිය. මේ හේතුවෙන් අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ නියාමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ. එබැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් හා පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය, ප‍්‍රවාහන අමාත්‍යාංශය, දකුණු පළාත් හා බස්නාහිර පළාත් ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබීය. එම කමිටුව විසින් අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ සඳහා බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රමවේදයත්, එම බස් රථ සම්බන්ධයෙන් පිරිවිතරයන් සකස් කිරීම හා වාර්ෂික ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කොට සකස් කරන ලද වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.
     
    පසුගිය අවුරුදු සමයට සමගාමීව ලක්‍ෂ සංඛ්‍යාත මගීන්ගේ ඉල්ලීම පරිදි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා බස් රථ 13ක් යෙදවූ අතර, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඒ සඳහා තාවකාලික බලපත‍්‍ර ලබාදී ඇත. අවුරුදු සමයේ ලබා දුන් මෙම සේවාව සම්බන්ධයෙන් මගීන්ගේ මෙන්ම මාධ්‍යයේද ප‍්‍රශංසාව හිමිවිය. අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ නියාමනය කිරීමේ ක‍්‍රමවේදය එළිදැක්වෙන තුරු මෙම බස් රථ මේ වන විටත් ධාවනය කෙරෙනුයේ මගීන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි. එමෙන්ම මෙම බස් රථ තාවකාලික බලපත‍්‍ර යටතේ තවදුරටත් ධාවනය කිරීම තුළ අධිවේගී මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවන අයිතිය රැකගැනීමට හැකියාව ලැබී ඇත. මේ තුළින් පෞද්ගලික බස් කර්මාන්තය සුරක්‍ෂිත කර ගනිමින් මගීන්ට ආරක්‍ෂාකාරී සුවපහසු ඉක්මන් ගමනාන්තයක් කරා ළඟා වීමට අවස්ථාව සලසාදීම තම අපේක්‍ෂාව බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya