මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන කලා තරගයක් මඩකළපුවේදී

    අගෝස්තු 05, 2014
    ජන සංගීත, ජන ගී හා ගැමි නර්තන ඇතුළත් ජන කලා තරගයක් පසුගිය සෙනසුරාදා එරාවුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
     
    එරාවුර් ප්‍රාදේශීය සංස්කෘතික සංගමය මඟින් සංවිධානය කර තිබූ මෙම ජන කලා තරගය එරාවුර් ප්‍රාදේශීය ලේකම් යූ. උදයශ්‍රීදර් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
     
    මඩකළපු දිස්ත්‍රික් සංස්කෘතික සංගමයේ සම්බන්ධිකරණ නිලධාරී ටී. මලර්සෙල්වම් හා සහකාර අධ්‍යක්ෂක විශ්‍රාමික ටී. දේවනායගම්, චෙන්කලඩි සමාජ සංවර්ධන සංගමයේ සභාපති එම්. අරුණන් මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     
    දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරගකරුවන් මෙම තරගය සඳහා ඉදිරිපත් වූහ. මෙම තරගය ජන සංගීතය, ජන ගී හා ගැමි නර්තන යන තරග අංශවලින් පැවැත්විණි.
     
    සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ යොදා ගනිමින් නිර්මාණය කෙරූ සංගීතයට දුර්ගා දේවියගේ ඉතිහාසය පිළිබඳ පැවසෙන ජන ගීත, කුමාරන් දෙවියන්ගේ ඉතිහාසය පැවසෙන ජන ගීත, සුනාමි ගීත, නැළවිලි ගීත, ධීවර ගීත හා තවත් බොහෝ ගීත මෙම තරගය සඳහා නිර්මාණය කර ඉදිරිපත් කර තිබුණි. 
     
    අම්බුලාන්තුර සිට පැමිණ සිටි කේ. පරමානන්දම් ගුරු මහත්මයා නිර්මාණාත්මක ජන ගීත සඳහා වූ තරගයේ පළමු තැන ලබා ගත්තේය.
     
    තරගය අවසානයේ විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගත් ජයග්‍රාහකයන්ට සිහිවටන හා මුදල් ත්‍යාග පිරිනමන ලදී.
     
    AR/SDF/LDA_dmu_batti
    Vantharumulai-1- 1Vantharumulai-5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya