අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා ක්‍රියාමාර්ග රැසක්

    අගෝස්තු 05, 2014
    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඒ අතර මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් 600 දක්වා ඉහළ නංවාලීමට කටයුතු කිරීම එක් පියවරක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
     
     
    තරගකාරිත්වය මත වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය වැඩිකිරීමට පියවර ගැනීම, තරගකාරී ඉලක්ක සපුරාලමින් මත්ස්‍ය අපනයනය වැඩි කිරීම, ධීවර ප්‍රජාවගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීමට පියවර ගැනීම, පසු අස්වනු මත්ස්‍ය නිෂ්පාදනය, ධීවර කර්මාන්තයේ කළමනාකාරිත්වය හා පර්යේෂණ සිදු කිරීම හා ධීවර වරායවල්, නැංගුරම්පොළවල් සංවර්ධනය යනාදිය ධීවර කර්මාන්තයේ සංවර්ධනයට ගෙන ඇති පියවරවල් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
     
    වර්ෂයක් පාසා ධීවර කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද මුදල් ප්‍රමාණය පිළිබඳ සෑහීමකට පත් විය හැකි බවත් ධීවර ජනතාව සඳහා සහන සලසාදීමට කිසිම රජයක් මීට පෙර ක්‍රියාකර නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
     
    ඉන්ධන සහනාධාරය කප්පාදු කර නැහැ. ඊට විකල්පයක් හඳුන්වා දී ඇත. ඒ ගැන ධීවර ජනතාවගේ ද අනුමැතිය ලැබී ඇතැයි ද ධීවර ජනතාව වෙනුවෙන් ඉදිකර දෙන නිවාස ඉදිරි කාලයේදී සපුරා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 
     
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya