මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

    අගෝස්තු 26, 2016
    "ඉතිහාසයේ තිබුණු ශ්‍රී විභූතිය ඇති කරන්න ඉතිහාසයේ තිබුණු යහ පාලනය ඇතිකරන්න,මේ රට තුළ එය ප්‍රචලිත කරන්න ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒක තමයි යහ පාලනය කියලා කියන්නේ. අපේ තිබුණු ශ්‍රී විභූතිය ගැන කතාකරනවා හැමදාම.හැබැයි ඒක ඉ‍ටු වෙන්නේ නැහැ.ඒ නිසා ඉතිහාසයේ තිබුණු ශ්‍රී විභූතිය ඉතිහාසයේ තිබුණු සෞභාග්‍යය,ඉතිහාසයේ තිබුණු යහපත් පාලනය යළි ඇති කිරීම තමයි ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුලු මේ රජය බලාපොරොත්තු වෙන්නේ.
    උතුරු මැද පළාත් සභා ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා මෙසේ පැවසුයේ පොලොන්නරුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමෙන් අනතුරුව පැවති ජනහමුවට එක්වෙමෙනි.
     
    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රීඩා ඇමති දයා සිරි ජයසේකර, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න,පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුලු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජන හමුව පැවැත්විණි.
     
    මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්.සේනානායක මහතා ඇතුලු පිරිසක් ද එක්වූහ.
     
    AP/DMU-Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya