අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොපිමල් සැමරුම් උළෙල නොවැම්බර් 06දා

    අගෝස්තු 26, 2016
    සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන පොපිමල් දින සැමරුම් උළෙල නොවැම්බර් 06දා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ.
     
    මෙම සැමරුම් උළෙලට සමඟාමීව සැප්තැම්බර් 24දා ගාලු මුවදොර පිටියේ සිට විහාරමහාදේවි උද්‍යානය දක්වා පා ගමනක් ද සංවිධානය කර ඇත.
     
    පොපි මල ජනාධිපතිවරයාට පළමුවෙන් පැළඳවීමෙන් අනතුරුව පොපි ව්‍යාපෘති සමය ආරම්භ වන අතර අනුස්මරණ දින උත්සවය තෙක් පොපි මලක් පළන්දා කැටයකට යම්කිසි මුදලක් මහජනයාගෙන් ලබාගැනීමෙන් සුබසාධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම සිදු කරයි.
     
    පොපි මල් අනුස්මරණ සංකේතයක් ලෙස භාවිතා කිරීම පළමුවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු 1921 වර්ෂයේ සිට ආරම්භ කර ඇති අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුවත් මෙම ක්‍රියාදාමය අද දක්වා කරගෙන යනු ලබන්නකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya