අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද

    මැයි 31, 2016
    මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය විධිමත් කිරීම උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා  යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් අද පෙ. ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.
    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, දකුණු පළාත් සභාවේ මැති ඇමතිවරුන්, ප්‍රාදේශිය සභා නියෝජිතයින් ඇතුළු දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය රැස්වීම සංවිධානය කරයි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya