මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හන්තාන කදුවැටියේ නාය යෑමේ අවදානමක්

    මැයි 30, 2016
    හන්තාන කදුවැටියේ හදුනාගත් ප්‍රදේශයක් නැවත වාසස්ථාන සදහා සුදුසු නොවනු ඇති බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ ලබා දී ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි. හන්තනා කදුවැටියේ 4 කණුව සහ 5 කණුව දක්වා කිලෝමීටරයක පමණ ප්‍රදේශය මීට අයත් බවද ඔහු වැඩි දුර‍ටත් පවසයි.
    ඒ අනුව හන්තාන ප්‍රදේශයේ සිදු වූ මෙම නාය යෑමේ අවදානම නිසා අවතැන්වු පවුල් 84 ක් එම ස්ථාන වලින් ඉවත් කර ඇති අතර, එම පවුල් වල සාමාජිකයන් තව දුරටත් හන්තාන ශිවානී දෙමළ මහා විද්‍යලයේ තාවකාලිකව රදවා තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ උපදෙස් මත පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම්වරියගේ අධීක්ෂණය මත මෙම ප්‍රදේශයේ සහන කටයුතු සිදු වෙමින් පවතී. අදාල ප්‍රදේශයේ සිදුව තිබෙන නායයෑම් පිළිබද ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තවදුරටත් අධ්‍යනය කරමින් සිටින අතර, ඉදිරියේදී මෙහි සවිස්තරාත්මක වාර්තාවක් සැපයීමට නියමිතය. 
     
    හන්තාන ප්‍රදේශයේ පවතින නායයෑමේ අවදානමට අමතරව දිස්ත්‍රික්කයේ තවත් නාය යෑම් ඇතුළු ආපදා අවදානම සහිත ස්ථාන 80 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හදුනාගෙන ති‍බේ. එම අවදානම සැලකිල්ලට ගෙන නිවාස 2,500 කට ආසන්න ප්‍රමාණයක්  එම ස්ථාන වලින් ඉවත් කිරීම සුදුසු බවද ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ කොට තිබේ.
     
    කෙසේ නමුත් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ආපදාවන්ට ලක්වූ 2,000 කට ආසන්න  පිරිසක් පීඩාවට ලක්ව සිටින අතර, පවුල් 561 ක පිරිසක් සුරක්ෂිත මධ්‍යස්ථාන 34 ක රදවා සිටියි. ආපදා තත්වය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 18 ක් වාර්තා වී ඇති අතර, අර්ධ නිවාස හානි 459 ක් වාර්තා වී තිබේ.
     
    AP/DMU-Kandy
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya