අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තංගල්ල පාසල් හතක් සංවර්ධනයට පියවර

    පෙබරවාරි 09, 2016
    ළඟම පාසල හොඳම පාසල යන සංකල්පය යටතේ තංගල්ල ආසනයේ පාසල් හතක් මේ වසර තුළ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාමඩල මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා තරඟාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.
     
     
    මේ යටතේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාමඩල මහා විද්‍යාලය, මල්පෙත්තාව මහා විද්‍යාලය යන පාසල් දෙකද තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෙටොල්පිටිය ගැමුණු මහා විද්‍යාලය, කට්ටකඩුව කණිෂ්ඨ විද්‍යාලය සහ දීපංකර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය යන පාසල් තුනක් ද අඟුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල් අතරින් තලාව මහා විද්‍යාලය, මහනාග ජාතික පාසල යන පාසල් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
     
    එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ දරු පරපුර රටට වැඩදායක බුද්ධිමත් විනය ගරුක සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහිකිරීමේ අරමුණින් රජය මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන බවය.
     
     
    ජනප්‍රිය පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී පවතින දැඩි තරගකාරීත්වයට පිළියමක් ලෙස ලඟම පාසල හොඳම පාසල ලෙස සංවර්ධනය කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත්  එම වැඩ පිළිවෙල යටතේ සංවර්ධනය කෙරෙන පාසල්වලට භෞතික හා මානව සම්පත්  ලබාදී ඉගෙනීමට සුදුසු පරිසරයක් ගොඩනගන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya