අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලට ලක්ෂ 580 ක වාට්ටු සංකිර්ණයක්

    ඔක්තෝබර් 11, 2015

     

    සබරගමුව පළාතේ දේශිය වෛද්‍යය ක්‍රමය ඉදිරියේ දි නගා සිටුවීමට සබරගමුව පළාත් සභාව පියවර ගන්නා බව සබරගමුව පළාත් දේශීය වෛද්‍ය හා ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පවසයි.

     ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කළේ පසුගියදා කෑගල්ල ,රංවල ආයුර්වේද මහා රෝහලේ ඉදිකිරීමට නියමිත සිව් මහල් ගොඩනැගිල්ල සහිත ගෙවන වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මේ සදහා පළාත් සභාව රුපියල් ලක්ෂ 580 ක වියදමක් දරයි.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ප්‍රධාන අමාත්‍යවරයා "අද අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සබරගමුව පළාත් සභාව ප්‍රථම ස්ථානය ලබා ගෙන සිටිනවා. ඒ ආකාරයෙන් දේශීය ආයුර්වේදයත් නගා සිටුවීමට කටයුතු කරනවා. මට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලැබීමත් සමඟම රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල ආයුර්වේද රෝහල් නිරික්ෂණයට ලක්කර ඒවා සංවර්ධනය කිරීමට අවශ්‍යය කටයුතු කළා. වර්තමානය වන විට ආයුර්වේද රෝහල් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන්නේ වැඩිහිටි ප්‍රජාව. ඔවුන් මේ රටට විශාල සේවයක් කළ පිරිසක්. ඒ පිළිබඳව පළාත් සභාව අවධානය යොමු කරනවා. ඉදිරියේ දී මාවනැල්ල ප්‍රදේශයේ ආයුර්වේද රෝහල් ස්ථාපිත කිරීම සඳහා සබරගමුව පළාත් සභාව පියවර ගන්නා බව ද" ප්‍රධාන අමාත්‍යවරයා පැවැසීය.

    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති පරදෙණියේ චන්ද්‍රරතන හිමියෝ ඇතුළු මහා සංඝරත්නය,පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්,සබරගමුව පළාත් ආයුර්වේද කොමසාරිස් පත්මිකා ආරියමාලා යන අය ඇතුළු නිලධාරිහු ද සහභාගි වී සිටියහ.

    kpm/DMU_ Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya