මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල ආයුර්වේද රෝහලට පංචකර්ම ප්‍රතිකාර ඒකකයක්

    ඔක්තෝබර් 10, 2015
    කෑගල්ල ආයුර්වේද රෝහල සඳහා අංග සම්පූර්ණ පංචකර්ම ඒකකයක් සහිත තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි. එහි ඉදිකිරීම් කටයුතු පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    ඉදිකෙරෙන නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය බාහිර හා නේවාසික පහසුකම්, අංග සම්පූර්ණ ශ්‍රවණාගාර පහසුකම්, පංචකර්ම ඒකකයක්, සේවක විවේකාගාර පහසුකම් යනාදියෙන් සමන්විතව ඉදිකෙරෙනු ඇත.
     
    දෛනිකව කෑගල්ල ආයුර්වේද රෝහල් බාහිර රෝගී අංශයෙන් රෝගීන් 300ක් පමණ ද, නේවාසිකව රෝගීන් 100ක් පමණ ද ප්‍රතිකාර ලබා ගනිති.
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන්. බෙලිගම්මන, සහකාර ලේකම් එම්.බී.එස්.එන්. කුමාරගේ, පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය පී.ඒ.පී. ආරියමාලා යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya