මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘පොල් ගස‘ ​සෑම පවුලකම ආර්ථීකයේ නියමුවා බවට පත් කරනවා

    ඔක්තෝබර් 12, 2015

    අම්පාර දිස්ත්‍රික්කයේ සෑම පවුලකටම පොල් ගස හරහා විශාල ආදායමක් ලැබෙන පරිදි ඉදිරි වසර දෙක තුළ ‘පොල් ගස‘ ආර්ථීකයේ නියමුවා බවට පත් කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    අමාත්‍යතුමා මේ බව කියා සිටියේ මහඔය පියංගල රජමහා විහාරයේ ඊයේ (11) පෙරවරුවේ පැවති ‘කප්රුකෙන් රඹකැන් ඔයට අපමණ අගයක්‘ වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

     

    මේ අනුව සෑම පවුලකටම පොල් පැළ පහ බැගින් ලබා දීමට අපේක්ෂා කෙරෙන අතර මෙසේ ලබා දෙන පොල් පැළ මුල් කාලයේ දී දරුවෙකු මෙන් රැක බලා ගත යුතු බවත් පැළ අවදියේ දී කැපවීමෙන් හා ආරක්ෂා සහිතව පෝෂණය කරන එම පොල් පැළ, ගස් බවට පත් වූ දා සිට යළිත් දරුවෙකු සේ ඔබට කෙළෙහිගුණ දක්වනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පොල් ගස යනු කප්රුකක් බව තේරුම් ගත යුතු බවයි.

     

    පොල් කෙන්ඳේ සිට පොල් ගෙඩිය ඇතුළු සෑම ද්‍රව්‍යයක්ම අපනයට සුදුසු පරිදි අගය එකතු කර ආර්ථීකමය වාසි ලබා ගැනීමට හැකි පරිදි සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා පොල් කුඩු, ඉරටු, පොල් කිරි, පොල් කටු ආදීය අලෙවි කිරීමෙන් සෑම පවුලකටම විශාල ආදායමක් ලබා ගත හැකි පරිදි පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීමට දැනටමත් සැලසුම් කර තිබෙන බව පැවසීය. ඒ අනුව, ඉදිරි වසරේ කිහිපයේ දී නොදැනුවත්වම තම පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පොල් ගස පත්වනු ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

     

    මෙම සමාරම්භක උත්සවයේ දී පවුල් 200කට පොල් පැළ බෙදා දීම සිදු විය.

     

    මෙම අවස්ථාවට ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, ප්‍රදේශයේ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    සමාරම්භක උත්සවයට සමගාමීව නුවරගලතැන්න, බොරපල, උණුවතුරබුබුළ, කැකිරිහේන, කුඩාරතත්ගල හා බැඳිරැක්ක යන ගම් වල දී මහවැලි සී කලාපයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 17 ම ආවරණය වන පරිදි සෑම පවුලකටම පොල් පැළ බෙදා දීම ද සිදු කෙරිණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya