මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව 13 වැනිදා

    ඔක්තෝබර් 11, 2015
     
    මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු 
    රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 13 වැනිදා පෙ. ව. 9.30 ට 
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.
    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ 
    ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු , දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන 
    ලද ලිපි, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු  ආදිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.
     
    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් 
    ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් 
    සහභාගි වීමට නියමිතය.
     
    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.
     
    AP/DMU- Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya