අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් ළමා දින සැමරුම් උත්සවය හෙට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී

    ඔක්තෝබර් 09, 2015
     
    ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත දකුණු පළාත් ළමා දින සැමරුම් උත්සවය හෙට (10) දින පෙ.ව. 9.00 ට 
    දකුණු පාළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය 
    ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.
    දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින රැකවරණ මධ්‍යස්ථානවල නේවාසිකව රැදී 
    සිටින දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙම අවස්ථාවට පිරිවාස භාරයේ රැදී සිටින දරු දැරියන්, ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිළධාරීන් ඇතුළු 
    පිරිසක් සහභාගි වේ.
     
    දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය මෙය සංවිධානය කරයි.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya